සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 382
කාර
පු. කරගස්, සත්කාරය, බන්ධනාගාරය, උපකාරය. (පි. 249)
කාරක
පු. කරන්නා, කර්තෘ කරණාදි කාරක. (පි. 249)
කාරකවස්ස
න. හිමවැස්ස. (පි. 249)
කාරණ
න. හේතුව, කාරණය. (පි. 249)
කාරණ්ඩව
පු. කරළු පක්ෂියා, කෑරලා.
න. කැතකුණු, අපිරිසිදු දේ. (පි. 250)
කාරණා
ඉ. කම්කටුළු. (පි. 249)
කාරණික
පු. නිරයපාලයා, ඊතල සාදන්නා.
ති. කරුණු පරීක්ෂා කරන්නා. (පි. 250)
කාරණී
පු. කසල. (පි. 250)
කාරවෙල්ල
පු. කරවිල. (පි. 250)
කාරා
ඉ. බන්ධනාගාරය, හිරගෙය. (පි. 250)
කාරාපක
පු. කරවන්නා. (පි. 250)
කාරාපන
න. කරවීම. (පි. 250)
කාරාපිත
ති. කරවන ලද, කරවූ. (පි. 250)
කාරිකා
ඉ. ක්‍රියාපද, පද්‍ය. (පි. 250)
කාරිය
න. කටයුත්ත, සාධ්‍යය. (පි. 250)
කාරිසාපණ
න. කහවණුව. (පි. 250)
කාරී
පු. කරණ සුළු. (පි. 250)
කාරු
පු. ශිල්පියා. (පි. 250)
කාරුඤ්ඤ
න. කරුණාව, දයාව. (පි. 250)
කාරුඤ්ඤතා
ඉ. කරුණා ඇති බව. (පි. 250)
කාරුණික
ති. කරුණා සම්පන්නයා, නිරය පාලයා. (පි. 250)
කාරෙති
ක්‍රි. √ භු. කර - කරණෙ කිරීමෙහි (කර+ණෙ+ති) කරවයි. (පි. 250)
කාල
පු. කාලය=සමය, කලුපැහැය, මරණය යමයා.
√ චු. ගණන් කිරීමෙහි, කාලෙති, කාලයති, ගණන්කෙරෙයි. (පි. 250)
කාලක
පු. කළුපුස්, කළුලප. (පි. 250)