සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 461

ඡත්තපණ්ණ

පු. රුක් අත්තන. (පි. 291)

ඡත්තපථ

පු. භූමිය ස්පර්‍ශකොට යා නොහැකි වාලුකා කාන්තාරාදියෙහි කුඩයක එල්ලී යා යුතු බැවින් එය ඡත්තපථ නම් වේ. (පි. 291)

ඡත්‍ර

න. සැත, කුඩය. (පි. 291)

ඡද

√ චු. සංවරණෙ, සංවරණයෙහි, ඡාදෙති, ඡාදයති, ආවරණය කරයි.
න. පත්‍රය, පක්ෂි විශේෂයක්. (පි. 291)

ඡද්ද

√ චු. වමනෙ, වැමෑරීමෙහි, ඡද්දියෙහි, ඡද්දෙති, ඡද්දයති, වමාරයි, ඔක්කාර කරයි.
න. සෙවෙනිය, ඡදනය, පියස්ස වහලය. (පි. 291)

ඡද්දන්ත

පු. එනම් ඇත් කුලය, එනම් විල, සදත්. (පි. 291)

ඡද්දිකා

ඉ. ඡද්දිකාව, වමනය, ඔක්කාරය. (පි. 291)

ඡදි

√ චු. ඉච්ඡායං, කැමැත්තෙහි, ඡාදෙති, රුචි වෙයි.
√ භු. බලෙ, ශක්තියෙහි, ඡන්දති, බල ඇති කරයි. (පි. 291)

ඡන්ද

න. ඡන්දස.
පු. තෘෂ්ණාව, ඡන්දස, අභිප්‍රාය, සන්තක බව, රුචිය, ඉච්ඡාව, අක්ෂර ප්‍රමාණ වූ ඡන්දස.
√ චු. ඉච්ඡායං, රුචියෙහි, ඡන්දෙති, ඡන්දයති, ඉච්ඡා කරයි, රුචි වෙයි. (පි. 291)

ඡන්දරාග

පු. බලවත් රාගය, අයුතු රාගය. (පි. 291)

ඡන්දස

පු. බ්‍රාහ්මණයා. (පි. 291)

ඡන්දසමාධි

ඉ. ඡන්දය ප්‍රධාන කොට පැවති සමාධිය. (පි. 291)

ඡන්දසා

ඉ. ඡන්දස. (පි. 291)

ඡන්දාගති

ඉ. ඡන්දයෙන් අගතියට යාම. (පි. 291)

ඡන්දාගමන

න. ඡන්දයෙන් පැමිණීම. (පි. 291)

ඡන්දික

පු. ඡන්දය ඇති, රුචිය ඇති. (පි. 291)

ඡන්දොවිචිති

ඉ. ඡන්දශ්ශාස්ත්‍ර නම් වූ වෙදාඞ්ගය, කප්පය, ව්‍යාකරණය, ජොතිසත්ථය, සික්ඛාය, නිරුත්තිය, ඡන්දොවිචිති යනු වෙදාඞ්ගයයි. (පි. 291)

ඡන්න

ති. අනුරූප, වසන ලද්ද, සඟවන ලද්ද, හැඟීම, පෙරවීම, රහස.
පු. පනත, එනම් ඇත්තා. (පි. 291)

ඡන්නවුති පාසණ්ඩ

133 පිට. පද දාධන ටීකාව. (පි. 291)

ඡපක

පු. පහත් කුල ඇත්තා. (පි. 291)

ඡප්පද

පු. පාද සයක් ඇත්තා, බඹරා. (පි. 291)

ඡබ්බග්ගිය

පු. ෂට්වර්ගිය, සදෙනෙකුන්ගෙන් යුත් සමූහය. (පි. 291)

ඡම

√ භු. ගමනෙ, යාමෙහි, ඡමති, යෙයි. (පි. 292)

ඡම්පා

ඉ. එනම් රට. (පි. 291)