සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 668
ඵරසු
පු. පොරොව, කෙටේරිය. (පි. 396)
ඵරිත
ති. පතළ, පැතුරුණු. (පි. 396)
ඵරුස
ති. රූක්ෂ වස්තු, කර්කශ දේ. (පි. 396)
ඵල
√ චු. ඵාලනෙ, පැලීමෙහි, ඵලති=පැලෙයි.
√ භු. ගතියං, පැතිරීමෙහි, ඵලති=පැතිරෙයි.
√ භු. නිප්ඵත්තියං, නිපදවීමෙහි, ඵලති, පලගනී, හටගනී.
√ භු. භෙදෙ, බිඳීමෙහි, ඵලති, බිඳෙයි.
න. විපාක සිත, හේතුවෙන් කරන ලද්ද, ප්රයොජනය, ධ්යානාදිය, ගෙඩි, ස්ත්රී පුරුෂ නිමිති. (පි. 396)
ඵලක
න. පලිහය, ලෑල්ල. (පි. 396)
ඵලකපාදක
න. පුවරුවල සවිකළ පා ඇති, පුටුව. (පි. 396)
ඵලකවීර
න. වැහැරි සිවුරු. (පි. 396)
ඵලති
ක්රි. (√ භු. ඵල, නිප්ඵත්තියං, නිපදවීමෙහි) විපාක දෙයි. (පි. 396)
ඵලදණ්ඩ
පු. වඩුවා. (පි. 396)
ඵලන
න. වැටෙන, පුපුරණ, අසනියා ඵලන්තියා. (පි. 396)
ඵලපුර
පු. ලප්නාරං ගස, ලප්නාරඟ. (පි. 396)
ඵලවන්ති
ඉ. ඵල ඇත්ති. (පි. 396)
ඵලවන්තු
ති. ඵල ඇති, ති. ඵලවත්. (පි. 396)
ඵල්ල
√ භු. පටිසංඛරණෙ, ප්රතිසංස්කරණයෙහි, ඵල්ලති, පිළිදැගුම් කෙරෙයි. (පි. 396)
ඵලික
පු. පළිඟු, පළිඟු මැණික. (පි. 396)
ඵලිකමය
පු. ඵලිඟුමය, පළිඟු වලින් නිමකළ. (පි. 396)
ඵලිත
ති. පැසුණු, ඵලයෙන් ගැවැසුණු. (පි. 396)
ඵලින
ති. ඵල ඇති වෘක්ෂය. (පි. 396)
ඵලිනි
ඉ. පුවඟු. (පි. 396)
ඵලු
න. පුරුක, පර්වය. (පි. 396)
ඵස්ස
පු. ස්පර්ශය, පහස.
√ භු. ඵස්සෙ, ස්පර්ශයෙහි, ඵස්සති, ස්පර්ශ කරයි. (පි. 396)
ඵස්සති
ක්රි. (√ භු. ඵස්ස, ඵස්සෙ, ස්පර්ශ කිරීමෙහි +ති), ස්පර්ශ කරයි. (පි. 396)
ඵස්සනා
ඉ. ස්පර්ශ කිරීම, පහස ගැනීම. (පි. 396)
ඵස්සිත
ති. ස්පර්ශ කළ. (පි. 396)