ඵල

phala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සෝවාන්, සකෘදාගාමි ආදි මාර්ග චිත්ත සම්බන්ධ විපාක සිත.
2. ගෙඩිය ; පලතුරු.
3. අණ්ඩය ; අණ්ඩකෝෂය ; වෘෂණය.
4. විපාකය ; ආනිශංසය.
5. ලාභය ; ප්‍රයෝජනය.
6. ප්‍රතිඵලය.
7. මහබෝසතුන්ගේ සතර මහා නිධාන අතරින් එකක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ආයුධයක තලය; ගෙඩිය; ප්‍රතිඵලය; විපාකය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. ඵාලනෙ, පැලීමෙහි, ඵලති=පැලෙයි.
√ භු. ගතියං, පැතිරීමෙහි, ඵලති=පැතිරෙයි.
√ භු. නිප්ඵත්තියං, නිපදවීමෙහි, ඵලති, පලගනී, හටගනී.
√ භු. භෙදෙ, බිඳීමෙහි, ඵලති, බිඳෙයි.
න. විපාක සිත, හේතුවෙන් කරන ලද්ද, ප්‍රයොජනය, ධ්‍යානාදිය, ගෙඩි, ස්ත්‍රී පුරුෂ නිමිති. (පි. 396)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. effects
2. fruit
3. products
4. result
5. return

Digital Pāḷi Dictionary