සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 667
පොසථික
පු. උපෝසථිකයා, පොහෝදින සිල් රකින්නා. (පි. 395)
පොසන
න. පොෂණය, පොෂ්ය කිරීම. (පි. 395)
පොසාපිත
ති. පොෂ්ය කළ, පුටු. (පි. 395)
පොසාපෙති
ක්රි. පොෂ්යය කෙරෙයි. (පි. 395)
පොසාවතික
පු. පොෂ්යය කරන්නා. (පි. 395)
පොසිත
ති. පොෂ්යය කළ, ඇතිදැඩි කළ. (පි. 395)
පොසිතුං
අ. පොෂ්යය කිරීමට. (පි. 395)
පොසිය
ති. පොෂ්යය කටයුතු, පොෂ්යයට යොග්ය. (පි. 395)
ඵග්ගව
පු. හගුළු. (පි. 395)
ඵග්ගු
පු. පොහෝ දිනය, “සුඛස්සවෙ සදා ඵග්ගු” (පි. 395)
ඵග්ගුණ
පු. ඵාලගුණය, මැදිපෝය, පුවපල්, උතුරුපලල් නැකත්. (පි. 395)
ඵග්ගුණි
ඉ. මැදිපෝය දිනය. (පි. 395)
ඵණ
√ භු. ගමනෙ, යාමෙහි, පනති=යෙයි. (පි. 395)
ඵති
පු. පෙණේ ඇත්තා, සර්පයා. (පි. 396)
ඵන
න. සර්පයන්ගේ පෙණය, පනාව. (පි. 395)
ඵනක
පු. සර්පයා. (පි. 396)
ඵනති
ක්රි. (√ භු. ඵන, ගමනෙ, යෑමෙහි +ති), යෙයි. (පි. 396)
ඵන්දති
ක්රි. (√ භු. ඵදි, චලනෙ, සෙලවීමෙහි +ති), සැලෙයි, කම්පිත වෙයි. (පි. 396)
ඵන්දන
පු. කොළොම් රුක.
න. සැලීම, කම්පා වීම. (පි. 396)
ඵන්දිත
ති. සැලෙන ලද, කම්පාවන ලද. (පි. 396)
ඵනිජ්ජක
න. සමීකරණ වෘක්ෂය. (පි. 396)
ඵර
√ භු. පැතිරීමෙහි, ඵරති, පැතිරෙයි. (පි. 396)
ඵරණ
පැතිරීම, පහළවීම. (පි. 396)
ඵරණක
ති. පැතිරීම, පැතිරවීම. (පි. 396)