සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 778

වකි

√ භු. ගමනෙ, යාමෙහි, වඞ්කති යෙයි.
√ භු. කුටිලෙ, කුටිල ගමනෙහි, වඞ්කති. වක්වයෙයි. (පි. 454)

වඛි

√ භු. සඞ්කායං, සැකකිරීමෙහි, වඞ්ඛති, සැකකරයි. (පි. 454)

වග්ග

√ භු. ගමනෙ, යාමෙහි, වග්ගති, යෙයි, වග්ගො.
පු. සමානයන්ගේ සමූහය, පඞ්ක්තිය, කැලෑසිය. (පි. 454)

වග්ගකම්ම

න. වර්ග වර්ගව ක්‍රියා කිරීම. (පි. 454)

වග්ගති

ක්‍රි. (√ භු. වග්ග, ගමනෙ, යෑමෙහි +ති) ගියේය. (පි. 454)

වග්ගබන්ධන

න. පඞ්ක්ති බන්ධනය, කාණ්ඩ කාණ්ඩවීම. (පි. 454)

වග්ගවාදක

පු. සමගිය බිඳීමට සුදුසු වචන කීම. (පි. 454)

වග්ගාරාම

පු. වර්‍ගයෙහි ඇලීම. (පි. 454)

වග්ගික

ති. වර්‍ගයට අයත්, කොටසට ඇතුළත්, වග්ගිය. (පි. 454)

වග්ගිය

ති. වග්ගික, වර්‍ගයට අයිති, ඡබ්බග්ගික. (පි. 454)

වග්ගු

න. සුන්දර, දක්ෂ, අභිරූප, මධුර, සිනිඳු, සොභන. (පි. 454)

වග්ගුලි

පු. වවුලා. (පි. 454)

වගි

√ භු. ගමනෙ, යාමෙහි, වඞ්ගති, යෙයි. (පි. 454)

වඞ්ක

ති. වක්වූදෙය, කුටිල, බිලීකටුව.
පු. බිලිකොක්ක, එනම් පර්‍වතය. (පි. 454)

වඞ්කක

න. කුඩා ළමයින් සෙල්ලම් කරන නගුල, කුඩා නගුලෙන් සෙල්ලම් කිරීම, එයින් සීසෑම. (පි. 454)

වඞ්කදාඨ

පු. නැමුණු දළ ඇත්තා, ඌරා. (පි. 454)

වඞ්කෙය්‍ය

ති. ඇද සහිත වූ, දෑකැත්ත වැනි. (පි. 454)

වඞ්ග

පු. එනම් ජනපදය, වංගදේශය, එනම් රෝගයක්. (පි. 454)

වචන

න. චුතවීම, මරණය. (පි. 286)

වච්ච

√ භු. ඔභාසෙ, බැබලීමෙහි.
√ චු. අජ්ඣයනෙ, හැදෑරීමෙහි, වච්චෙති, වච්චයති, හදාරයි.
පු. අමෙධ්‍යය, අසුචි, රූපය, පුරිෂමලය. (පි. 454)

වච්චකුටී

ඉ. වැසිකිළිය, වර්‍චශ්කූපය, මල පහරණ තැන. (පි. 454)

වච්චකුප

න. වච්චකුටිය, වැසිකිළිවල. (පි. 454)

වච්චට්ඨාන

න. වර්‍චස්ථානය, මල පහකරණ තැන. (පි. 454)

වච්චදොණි

ඉ. මළ මුත්‍ර‍ කිරීමට පාවිච්චි කරන භාජනය. (පි. 454)