සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 777
ලොහිතකසිණ
න. ලෝහිතවර්ණය අරමුණු කොට වඩන එනම් කසිණය. (පි. 453)
ලොහිතඞ්ක
පු. පියුම්රාමිණී, පද්මරාග මැණික. (පි. 453)
ලොහිතචන්දන
න. රත්සඳුන්, කොකුම්. (පි. 453)
ලොහිතපක්ඛන්දිකා
ඉ. ලේ අතීසාරය. (පි. 453)
ලොහිතහොම
න. දකුණු දසරුවෙහි ලේ ගෙන කරන ලෝහිත හෝමය. (පි. 453)
ලොහිතාදි
පු. රක්තාදිවර්ණණය. (පි. 453)
ලොහිතුප්පාද
පු. ලේ ඉපදවීම, ලේ සෙලවීම, පඤ්චානන්තරිය කර්මය. (පි. 453)
වංස
පු. වංශය, කුලය, හුණරුක, හුණගස්වල කරන ක්‍රීඩාවක්.
පු. කුලය, ගොත්‍රය, උණගස. (පි. 453)
වංසකලීර
පු. උණකිළිල, උණ මොටෙයියා.
න. උණ (ගස්) පැලෑටිය. (පි. 462)
වංසජ
පු. වංශයෙහි උපන්, කුලයෙහි හට ගත්. (පි. 453)
වංසධරණ
න. වංශය ධරණ, වංශයරකින. (පි. 453)
වංසරාග
පු. රත්නභේදයක්. (පි. 453)
වංසවණ්ණ
පු. වෙරළුමිණ. (පි. 453)
වංසානුපාලක
පු. වංශය හෝ පරම්පරාව පාලනය කරන්නා. (පි. 453)
වංසික
පු. වංශයට අයිති, වංසානුගත.
න. අගිල්. (පි. 453)
වක
√ භු. ගාහෙ, ගැණීමෙහි, වකති, ගණියි.
√ භු. සොභා නාසෙසු, සොභාවෙහි හා නැසීමෙහි, වකති, බබලයි, නසයි.
පු. කොක්නාවා, වෘකයා. (පි. 454)
වකධූප
පු. සරළද්රව. (පි. 454)
වක්ක
√ චු. තාසෙ, තැතිගැනීමෙහි, වක්කෙති, වක්කයති, තැතිගනී.
ති. වකුගඩුව, කුටිල, ඇද දේ. (පි. 453)
වක්ක පඤ්චක
න. වක්කය පස්වෙනි කොට ඇති, පිළිකුල් භාවනාවෙහි, “මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජාවක්කං” යන පඤ්චකය. (පි. 454)
වක්කඞ්ග
පු. වක්වූ අවයව ඇත්තා, පක්ෂියා. (පි. 453)
වක්කල
න. රිටි සුඹුලු. (පි. 454)
වක්කලක
පු. රිටිසුඹුලු වලින් සෑදූ ඇඳුම් අදින්නා, තාපස වර්ගයක්. (පි. 454)
වක්කලි
පු. එනම් භික්ෂුව. (පි. 454)
වක්ඛති
ක්‍රි. භු. වව, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති) කියයි. (පි. 454)