සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 699

මක්කටී

ඉ. වැඳිරී, වඳුරුමෑ. (පි. 412)

මක්කර

න. හුණගස්. (පි. 412)

මක්ඛ

පු. මකුගුණය, ගුණමැකීම.
√ භු. රාසි කරණෙ, රැස් කිරීමෙහි. මක්ඛති = රැස්කරයි.
√ චු. මක්ඛණෙ, මැකීමෙහි, මක්ඛෙති; මක්ඛයති, මකයි. (පි. 412)

මක්ඛණ

න. මැකීම, වසාදැමීම. (පි. 412)

මක්ඛති

ක්‍රි. (√ චු. මක්ඛ, මක්ඛණෙසු, මැකීමෙහි +ති) මකයි, මකාදමයි. (පි. 412)

මක්ඛායන

න. මකුගුණය, මකුගතිය. (පි. 412)

මක්ඛිකා

ඉ. මැස්සා. (පි. 412)

මක්ඛිකාසණ්ඩ

න. මැසි බිජුවට, මැසි රැල, එනම් ජනපදය. (පි. 413)

මක්ඛිත

ති. ගල්වන ලද, ආලේපකළ, තවරණ ලද. (පි. 413)

මක්ඛෙති

ක්‍රි. (√ චු. මක්ඛ, මක්ඛණෙ, මැකීමෙහි +ණෙ+ති) (මක්ඛ+ණෙ+ති) මකි. (ගුණමකයි) (පි. 413)

මකි

√ භු. සැරසීමෙහි, මඞ්කෙති, සැරසෙයි. (පි. 412)

මකුට

පු. න. වොටුන්න, ඔටුන්න, කිරීටය. (පි. 412)

මකුල

න. මුහුකළ කැකුල. (පි. 412)

මඛ

√ භු. ගමනෙ, යාමෙහි, මඛති, යෙයි. (පි. 413)

මඛී

√ භු. සංකායං, සැකකිරීමෙහි, මඞ්ඛති, සැකකරයි. (පි. 413)

මග

√ චු. ගවෙසනෙ, සෙවීමෙහි, මගෙති, මගයති = සොයයි.
√ භු. ගවෙසනෙ, සෙවීමෙහි, මගති, බලයි.
පු. මෘගයා, මුවා. (පි. 413)

මගධ

පු. එනම් ජනපදය, (පි. 413)

මගවික

පු. මුව වැද්දා, මුවන් මරා ජීවත් වන්නා. (පි. 421)

මගසිර

න. මුවසිරිස නැකත. (පි. 413)

මග්ග

√ චු. ගවෙසනෙ, සෙවීමෙහි, මග්ගෙති, මග්ගයති, සොයයි.
පු. ආර්‍ය්‍යමාර්‍ගය, මාර්‍ගය, පාර, මාවත. (පි. 413)

මග්ගති

ක්‍රි. (√ චු. මග්ග, ගවෙසනෙ, සෙවීමෙහි +ති) යයි, පරීක්ෂා කරයි. (පි. 413)

මග්ගන

පු. ශරීරය, සිරුර, කය.
න. සෙවීම, බැලීම. (පි. 413)

මග්ගනා

ඉ. සෙවීම. (පි. 413)

මග්ගවිරති

ඉ. ආර්‍ය්‍යමාර්‍ග විරතිය, මාර්‍ගයෙන් විරතිය. (පි. 413)