සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 700

මග්ගසන්ධි

ඉ. මාර්‍ගසන්ධිය, මංසන්දිය. (පි. 413)

මග්ගික

පු. මගියා, මාර්‍ගයෙහි යන තැනැත්තා. (පි. 413)

මග්ගිත

ති. සොයන ලද, බලන ලද. (පි. 413)

මග්ගුර

පු. මගුරා, මගුරා යයි ප්‍ර‍කට මාළුවා. (පි. 413)

මගි

√ භු. ගමනෙ, යාමෙහි මඞ්ගති, යෙයි, උම්මග්ගෙ, මඞ්ගලං. (පි. 413)

මඝවන්තු, මඝ

පු. මඝ යන නම් ඇත්තා, ශක්‍ර‍යා. (පි. 413)

මඝා

ඉ. මා නැකත. (පි. 413)

මඝි

√ භු. කෙරාටිකෙ, කෛරාටික වීමෙහි, මඞ්ඝති, කපටිවෙයි. (පි. 413)

මඞ්කු

ති. මුළාව, සිහිවිකලය, මකුණ. (පි. 413)

මඞ්කුණ

පු. මකුණ, ඇඳමකුණ. (පි. 413)

මඞ්ගල

න. මඞ්ගල්‍යය, සිත් පිනවන ක්‍රියාව, කල්‍යාණය.
පු. එනම් ඇත්කුලය. (පි. 413)

මඞ්ගල්‍ය

න. මඞ්ගල, මඟුල්. (පි. 413)

මඞ්ගලික

පු. මඞ්ගල්‍ය ඇත්තා, මඟුලෙහි නියුක්තයා. (පි. 413)

මච්චු

පු. මනුෂ්‍යයා; මිනිහා, මරණය, කාල යාත්‍රාව. (පි. 413)

මච්චුඤ්ජය

පු. ඊශ්වරයා, මහදෙවියා. (පි. 413)

මච්චුධෙය්‍ය

පු. මාරයා විසින් දැරිය යුත්ත, තෙභූමක වෘත්තය. (පි. 413)

මච්චුපාස

පු. මාරපාසය, මාරබන්ධනය, පස් කම් සැපත. (පි. 413)

මච්චුරාජ

පු. මෘත්‍යුරාජයා, යමරජ, මරණය. (පි. 413)

මච්ඡ

පු. මත්ස්‍යයා, මාළුවා. (පි. 413)

මච්ඡක

පු. මච්ඡයා, මාළුවා. (පි. 413)

මච්ඡගුම්බ

න. මත්ස්‍ය සමූහයා, මාලුරැල. (පි. 413)

මච්ඡණ්ඩී

ඉ. ගුලිකාකාරව තනන ඉක්ෂුවිකාරය, කැටහකුරු. (පි. 413)

මච්ඡපිත්තා

ඉ. කුළුරෑණ (පි. 413)

මච්ඡබන්ධ

පු. කෙවුලා, මාළු අල්ලන්නා. (පි. 413)