සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 701

මච්ඡබන්ධන

න. මසුන් බැඳීම, මාළුඇල්ලීම. (පි. 413)

මච්ඡර

න. මසුරු, මසුරුබව. (පි. 413)

මච්ඡරායති

ක්‍රි. මසුරුකම් කරයි. (පි. 413)

මච්ඡරායන

න. මසුරුකම් කරන. (පි. 413)

මච්ඡරිය

පු. මසුරා, මසුරු බැවින් යුක්තයා. (පි. 413)

මච්ඡරී

පු. මසුරා. (පි. 413)

මච්ඡාරායි

පු. මසුරු, මසුරුකම් ඇත්තා. (පි. 413)

මච්ඡි

ඉ. ගැහැනු මාලුවා. (පි. 413)

මච්ඡික

පු. මාලු මරන්නා, කෙවුලා. (පි. 413)

මච්ඡෙර

න. මසුරුබව, තමාගේ සම්පත් සැඟවීමේ කැමැත්ත. (පි. 413)

මචි

√ භු. ධාරණෙ, දැරීමෙහි, මඤ්චති, දරයි, මඤ්චො. (පි. 413)

මජ

√ චු. පවිත්‍ර‍භාවයෙහි, මජෙති මජයති, පවිත්‍ර‍ කෙරේ, පිරිසිදු කරයි, සම්මජ්ජෙති, අමදියි, පිරිසිදු කරයි. (පි. 414)

මජ්ජ

√ භු. පරිමජ්ජනෙ, පිරිමැදීමෙහි, පරිමජ්ජති, පිරිමදියි.
√ දි. සොධනෙ, පිරිසිදු කිරීමෙහි.
√ භු. සොධනෙ, පිරිසිදු කිරීමෙහි, මජ්ජති, පිරිසිදු කරයි. (පි. 414)

මජ්ජති

ක්‍රි. පිරිසිදු කරයි, පිරිමදියි, මැදීම් කරයි.
ක්‍රි. (මද+ජ්ජ+ති) මත්වෙයි, සුරා ආදියෙන් මත්වෙයි. (පි. 414)

මජ්ජවික්කයි

පු. රා වෙළෙන්දා, මත්පැන් වෙළෙන්දා, තැබෑරුම්කාරයා. (පි. 414)

මජ්ජාර

පු. බළලා, මසට ලොල් තැනැත්තා. (පි. 414)

මජ්ජික

පු. තැබෑරුම්කාරයා, බීමවෙළෙන්දා. (පි. 414)

මජ්ජීත

ති. මත් වන ලද, මත්වූ. (පි. 414)

මජ්ඣ

න. මැද, මධ්‍යය.
ති. මධ්‍යප්‍රදේශය, මධ්‍යභාගය, ඉඟටිය, තුනටිය. (පි. 414)

මජ්ඣක

ති. මැදඇති, හරිමැද තිබෙන. (පි. 414)

මජ්ඣණ්හ

පු. මධ්‍යාහ්ණය, මැද්දහණ, හිරු අහස මැද සිටින කාලය, දවසේ මැදභාගය. (පි. 414)

මජ්ඣත්ත

මධ්‍යස්ත, මැදපිහිටි, මැදහත්. (පි. 414)

මජ්ඣත්තතා

ඉ. මධ්‍යස්ථභාවය, උපේක්ෂාව. (පි. 414)

මජ්ඣත්තික

ති. මධ්‍යස්ථ, මැදපවත්නා. (පි. 414)