සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 846

සංකථා

ඉ. සාකච්ඡාව. (පි. 487)

සංකන්දන

පු. ශක්‍ර‍යා, සක්රජ. (පි. 487)

සංකප්ප

පු. කල්පනාව, සංකල්පය. (පි. 487)

සංකම

පු. දුර්‍ගස්ථානය, සංක්‍ර‍මණය. (පි. 487)

සංකමන

න. සංක්‍ර‍මණය. (පි. 487)

සංකර

පු. ඊශ්වරයා, මහදෙවියා, කසළ. (පි. 487)

සංකලිත

ති. පිඬුකර තබන ලද, සමුච්චය කළ (පි. 487)

සංකස

√ භු. නිසීදනෙ, හිඳීමෙහි සංකසායති. හිඳියි. (පි. 487)

සංකස්ස

න. එනම් නුවර. (පි. 487)

සංකස්සර

පු. සැක කටයුතු හැසිරීම. (පි. 487)

සංකාර පුඤ්ජ

පු. කසළගොඩ. (පි. 487)

සංකාරකූට

පු. කසළ ගොඩ. (පි. 487)

සංකාරධාන

න. කසළ ගොඩ. (පි. 487)

සංකාස

ති. සදෘශය, සමාන. (පි. 487)

සංකිණ

න. ණය ගැනීමට සුදුසු නැකැත් කීම. (පි. 487)

සංකිත

ති. සැකකළ. (පි. 487)

සංකිත්තන

න. නම් කිරීම, කීර්‍තය, සැකකිරීම. (පි. 487)

සංකිත්ති

ඉ. ප්‍ර‍සිද්ධිය, උසස් කීර්තිය. (පි. 487)

සංකිය

ති. සැකකළ යුතු. (පි. 487)

සංකිරණ

න. රැස්, හිරු රැස්. (පි. 487)

සංකිලිට්ඨ

ති. අපිරිසිදු, කෙලෙසුන්ගෙන් අපවිත්‍ර‍.
ති. කෙලෙසන ලද, කිළුටු කළ. (පි. 487)

සංකිලිස්සති

ක්‍රි. (√ දි. කිලිස, උපතාපෙ, දෙවීමෙහි +ස්සති) කෙලෙසන්නේය. (පි. 487)

සංකිලිස්සන

න. කෙලෙසීම, අපිරිසිදු වීම. (පි. 487)

සංකිලෙස

පු. කෙලෙස්. (පි. 487)