සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 845

වොනත

ති. නැවුනු, (පි. 485)

වොභින්දති

ක්‍රි. (√ භු. භිදි, විධාරණෙ, දෙපළු කිරීමෙහි +ති) බිඳියි, කඩයි. (පි. 485)

වොභින්දන

න. කැඩීම, බිඳීම. (පි. 485)

වොරොපන

න. (දිවි) තොර කිරීම, නැසීම, ඉවත් කිරීම. (පි. 485)

වොරොපිත

ති. (දිවි) තොරකළ. නැසූ. (පි. 485)

වොරොපෙති

ක්‍රි. (√ චු. රුපු, නාසෙ, නැසීමෙහි +ති) නසයි, මරයි. (පි. 485)

වොලොකන

න. අවලෝකනය, බැලීම. (පි. 485)

වොලොකෙති

ක්‍රි. (√ චු. ලොක දස්සනෙ, දැකීමෙහි +ති) දකියි, පරීක්ෂා කරයි. (පි. 485)

වොස්ස

පු. පණ්ඩකයා, නපුංසකයා. (පි. 485)

වොස්සකම්ම

න. පුරුෂයා පණ්ඩක කිරීම, නපුංසක කිරීම. (පි. 485)

වොස්සග්ග

ති. හරණ ලද දෙය, ත්‍යාග කිරීම, හැරීම.
න. දීම, පරිත්‍යාගය. (පි. 485)

වොස්සග්ගපරිණාමී

න. ත්‍යාගය පිළිබඳ මුහුකුරා යෑම. (පි. 485)

වොස්සට්ඨ

වස්සට්ඨ, හරණ ලද, බැහැර කළ. (පි. 485)

වොසාන

න. අවසානය, අන්තිමය, කෙළවර. (පි. 485)

වොසාරනීය

ති. කල්පනා කටයුතු, සිහි කටයුතු. (පි. 485)

වොසිත

ති. නිමි, සමාප්ත කළ, අවසන් කළ. (පි. 485)

වොහරති

ක්‍රි. (√ භු. හර, හරණෙ, යැවීමෙහි +ති) ව්‍යවහාර කරයි. (පි. 485)

වොහාර

පු. ශබ්දය, ව්‍යවහාරය, වෙළඳාම, ගණුදෙනුව, චෙතනාව. (පි. 485)

වොහාරික

පු. විනිසකරු, විනිශ්චයකාරයා, නීතිඥයා. (පි. 485)

ස

පු. න. ධනය, තමාසතු දෙය.
න. තමා.
පු. නෑයා, ඥාතියා. (පි. 487)

සං

අ. සමොධාන, සංක්ෂෙප, සමන්තාදර්‍ථ, සමාධි, සම්මාශබ්දාර්‍ථ, සහාර්ථ, අල්පාර්ථ, අභිමුඛ්‍යාර්ථ, සඞ්ගතාර්ථ, සංවරණවූ භව, පූජා, නැවත නැවත කීම යනාදී අර්ථයන්හි.
අ. සන්තෝෂ, තමාවිසින් යනාර්‍ථය. (පි. 487)

සංක

√ භු. සලක්ඛණෙ, සලකුණු කිරීමෙහි, සංකති, සලකුණු කරයි. (පි. 487)

සංකට

ති. අල්පාවකාශය, මඳ ඉඩකඩ. (පි. 487)

සංකටීර

න. කසළ ගොඩ, කහල. (පි. 487)