සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 844

වෙහ

√ භු. අඬගෑමෙහි, සිනාසීමෙහි. (පි. 484)

වෙහාර

පු. රජගහ නුවර පිහිටි එනම් පර්‍වතය. (පි. 483)

වෙහාස

පු. අන්තරීක්ෂය, අහස. (පි. 484)

වෙහාසට්ඨ

ති. අහසෙහි පිහිටි, ආකාසස්ථ. (පි. 484)

වෙහාසය

පු. අහස, ගගන තලය. (පි. 484)

වෙහු

√ භු. උස්සාහෙ, උත්සාහයෙහි, වෙහති, උත්සාහ කරයි. (පි. 484)

වෙළු

ඉ. උණ ගස, හුණ ගස. (පි. 484)

වෙළුක

පු. ඇතුන්ගේ පා විදිනා කටුව. (පි. 484)

වෙළුගුම්බ

පු. හුණ ලැහැබ, උණ කැලෑව. (පි. 484)

වෙළුරිය

න. වෙරළු මිණ, වෛරෝඩි ගල. (පි. 484)

වො

අ. ප්‍ර‍ථමා ද්විතීයා කරණ සම්ප්‍ර‍දාන සාමි යන විභත්තීන්ගේ බහු වචනය, පද පූරණයෙහි වූ නිපාතයක්. (පි. 484)

වොක්කමන

න. පසු බැසීම, ඉක්මවීම, පැත්තකට හැරීම. (පි. 484)

වොකාර

න. වෙනස, සුළු දෙය.
පු. හීන, රූපාදී ස්කන්ධ. (පි. 484)

වොකිණ්ණ

පු. ගැවසීගත්, සමූහයක් හා එකට විසීම. (පි. 484)

වොචරිත

ති. පරීක්ෂා කළ, විනිවිද ගිය. (පි. 484)

වොච්ඡජ්ජති

ක්‍රි. (√ රු. ඡිදි, ද්විධාකරණෙ, දෙපළු කිරීමෙහි +ති) සිඳියි, කපයි. (පි. 484)

වොඪුතන

න. ඉසිලීම, ඉහිලීම, උද්වහනය කිරීම. (පි. 484)

වොඪුන

අ. උසුලා, උහුලා, උද්වහනය කොට. (පි. 484)

වොත්ථපන

න. පිහිටුවීම, වීර්‍ය්‍යය පිහිටුවීම, අධිෂ්ඨානය. (පි. 484)

වොදක

න. ජලය සහිත, දිය සහිත. (පි. 484)

වොදාන

න. පිරිසිදු කිරීම. (පි. 484)

වොදානීය

ති. පිරිසිදු කිරීමෙහි දක්ෂ. (පි. 484)

වොදාස

ති. ආහාරය පිළිබඳ ස්ථිර නියමයක් ඇති. (පි. 484)

වොදිට්ඨ

ති. හොඳට අවබෝධ කළ, පිරිසිදු කළ. (පි. 484)