සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 843
වෙලා
ඉ. කාලය, වෙල = ඉවුර, සීමාව, සමූහය. (පි. 484)
වෙලාම
පු. එනම් සූත්‍රය. (පි. 484)
වෙලායති
ක්‍රි. (√ භු. වෙලු, ගතියං, යෑමෙහි +ති) සීමාව ඉක්මවා යයි. (පි. 484)
වෙලුරිය
පු. වෛදූර්‍ය්‍ය මාණික්‍යය. (පි. 484)
වෙලුව
ති. වේවැල් වලින් කළ. (පි. 484)
වෙවචන
න. පරියාය වචනය = සමානාර්ථ ඇති ශබ්දය. (පි. 484)
වෙවණ්ණිය
න. වෙනස් පාට, වෙනස් කුල ගොත්‍ර නැති බව, මැලවුනු ගතිය. (පි. 484)
වෙවාහික
පු. මංගල්‍ය සඳහා පැමිණෙන අමුත්තා. (පි. 484)
වෙවිච්ච
න. තද මසුරු කම, ආත්මාර්ථභාවය. (පි. 484)
වෙස
පු. වේශය, ආකල්පය. (පි. 484)
වෙසඛ
පු. වෙසක් මාසය, විසා නැකතින් යුත්. (පි. 484)
වෙසම
න. ගෙය, ගෘහය.
පු. විසම බව, අසමාන භාවය. (පි. 484)
වෙසමන
න. ගෙයකට ඇතුළ් වීම. (පි. 484)
වෙස්ස
පු. වෛශ්‍යයා. (පි. 484)
වෙස්සානර
පු. ගින්න, ගින්දර. (පි. 484)
වෙස්සාමිත්ත
පු. එනම් වෙදකතෘ සෘෂිවරයා. (පි. 484)
වෙස්සාවන
පු. වෛශ්‍රවණ නම් වරම් රජ. (පි. 484)
වෙසාරජ්ජ
න. විසාරද බව, වෛසාරද්යය. (පි. 484)
වෙසාලී
පු. විසාලා මහනුවර, විසාල භාවය ඇති. (පි. 484)
වෙසාසී
පු. යම රජු. (පි. 484)
වෙසියා
ඉ. වෙශ්‍යාව, වෙසඟන. (පි. 484)
වෙසියාන
පු. වෛශ්‍යයා, ගොවිකුල ඇත්තා. (පි. 484)
වෙසී
ඉ. නගර සොභිනිය, වෙසඟන. (පි. 484)
වෙසු
√ භු. දානෙ, දීමෙහි, වච්ඡති, පවච්ඡති, දෙයි. (පි. 484)