සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 828
දිනපතා
ක්‍රි.වි. දවස්පතා; දවසින් දවස; දවස ගානේ.
දිනපතිකුල
නා.ප්‍ර. සූර්ය වංශ.
දිනප්රණි
නා.ප්‍ර. හිරු; සූර්යයා.
දිනපොත
නා. එදිනෙදාට අවශ්‍ය කරුණු සටහන් කර ගැනීම සඳහා තබා ගන්නා පොත; දින ලේඛනය.
දිනමිණ
නා. සූර්යයා; හිරු.
දිනමුඛය
නා. උදය; අරුණ.
දිනරේඛාව
නා. (භූගෝ.) දිනවලට සම්බන්ධ වන රේඛාව; ග්රීනිච් මධ්‍යාහ්න රේඛාවෙන් අංශක 180° බටහිරට හා නැගෙනහිරට මධ්‍යාහ්න රේඛාව හා සම්බන්ධ ව යන කල්පිත රේඛාව.
දිනලුප්
[දින + අලුප්]
නා.ප්‍ර. බුදුන්වහන්සේගේ වචනය; බුද්ධ වචනය.
දිනශූලය
නා. (ජ්‍යෝති.) ඒ ඒ දිනවල දී ගමන් ආරම්භ නොකළ යුතු අශුභ දිශාව (රිවි, කිවි දෙදින පෙරදිග ද සඳු, ශනි, ගුරු, බුද දිනවල උතුරු දිග ද, කුජ දින දකුණු දිග ද අසුබ යැයි සැලකේ).
දින්
නා.ප්‍ර. උකුල; ජඝනය; දුවඟ.
දින්න
වි. දෙන ලද; දුන්.
දින්නක
නා.ප්‍ර. හදා ගත් දරුවා; පෝෂණය කිරීම සඳහා තමනට දෙන ලද දාරකයා.
දිනාන්තය
නා. දවාලෙහි කෙළවර; සවස; සැන්දෑව.
දිනාපගමන කාලය
[දින + අපගමන]
නා. හිරු බසින වේලාව; ඇඳිරි වැටෙන කාලය; සන්ධ්‍යා සමය.
දිනාරය
නා. කාසි වර්ගයක්; පර්සියාවේ මුලින් භාවිත වී පසු ව විශේෂයෙන් අරාබි රටවල භාවිත වන්නට වුණු කාසියක්.
දිනි
නා.ප්‍ර. උපත; හටගැනීම.
දිනිතිය
1. නා. මව; මෑණියෝ; ජනනි.
2. නා. ස්ත්‍රිය; කාන්තාව.
දිනිඳා
නා. හිරු; සූර්යයා.
දිනිඳු
1. නා.ප්‍ර. බුදුන්වහසේ.
2. නා.ප්‍ර. කුවේරයා; වෛශ්රවණයා.
3. නා.ප්‍ර. සූර්යයා.
දිනිඳුදය
දිනිසුරු
1. නා.ප්‍ර. බුදුන්වහන්සේ.
2. නා.ප්‍ර. කුවේර.
3. නා.ප්‍ර. සූර්යයා.
දිනුම් අදිනවා
ක්‍රි. ලොතරැයි වැනි තෑගි තරගයක දී ජයග්‍රාහකයන් තෝරනවා.
දිනුම් කණුව
නා. තරගයක දී අවසාන ඉලක්කය වන ස්ථානය; ජයස්තම්භය.
දිනුරැස
නා. තත්කාල කේන්ද්‍රයේ ප්‍රථම ස්ථානයට සිටින රාශිය; ලග්නය.