සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 827
දිටු
1. නා.ප්ර. ඇදහීම; විශ්වාසය; දෘෂ්ටිය.
2. නා.ප්ර. ඇස; නේත්රය.
දිටුහත්
නා.ප්ර. දෘෂ්ටාන්තය; උදාහරණය; සාධකය.
දිඩ
1. වි. බලවත්; තදබල; දෘඪ.
2. වි. නපුරු; හැඩිදැඩි; චණ්ඩ.
3. තහවුරු; අචල.
4. උතුම්; උදාර; උසස්.
දිණු
වි. ජීර්ණ වූ; දිරාපත්; දිරූ; දිරාගිය.
දිත
නා. අසුරයා; දෛත්යයා.
දිතරුපු
නා.ප්ර. දෛත්යයන්ගේ සතුරු වූ විෂ්ණු දේවගණයා.
දිත්ති
නා.ප්ර. දීප්තිය; ආලෝකය; ප්රභාව.
දිත්තිකාව
නා. දියණිය; දුව; දුහිතාව.
දිදාලය
නා. ගෙත්තම් ආදිය කිරීමේ දී ඇඟිලි තුඩේ ආරක්ෂාවට දමන ලෝහ කොපුව.
දිදී
නා.ප්ර. දී කිරි; මිදුණු කිරි.
දිදුල
නා. දීප්තිය; ආලෝකය; බැබළීම.
දින
1. නා.ප්ර. බුදුන්වහන්සේ.
2. නා.ප්ර. ජෛන ආගමේ කර්තෘවරයා; නිගණ්ඨනාථ පුත්ර.
3. නා.ප්ර. තාපසයා.
4. නා.ප්ර. භික්ෂුව.
5. නා.ප්ර. දවස; දාතම.
දින චර්යාව
නා. දිනයෙහි හැසිරිය යුතු පිළිවෙළ; දවසේ කළයුතු වැඩ කටයුතු.
දින දර්ශනය
නා. අවුරුද්ද තුළ මාස සති දින දක්වන සටහන; දින සටහන; කැලැන්ඩරය.
දින සිරිත
නා. දේවාලයාදි ස්ථානවල දිනකට කළ යුතු වැඩ ප්රමාණාදිය ද ඒවා පැවැත්විය යුතු කාලවේලාදිය ද සඳහන් ලියවිල්ල.
දිනඉඳු
නා.ප්ර. හිරු; සූර්යයා; දිනකර; දිනරද.
දිනඉසුරු
1. නා.ප්ර. ජිනේශ්වර; බුදුන්වහන්සේ.
2. නා.ප්ර. ජිනයන්ට අධිපති; නිගණ්ඨනාථ පුත්ර.
3. නා.ප්ර. සූර්යයා.
දිනකර
නා.ප්ර. සූර්යයා.
දිනකරකුල
නා.ප්ර. සූර්ය වංශය.
දිනකරසිය
නා.ප්ර. සූර්යයාගේ ස්වකීයයා ලෙස සැලකෙන පියුම්; පද්ම.
දිනක්ෂය
නා.ප්ර. දවස ගෙවී යන කාලය; සැඳෑව.
දිනචක්ර
නා.ප්ර. (ඓතිහාසික කරුණු පිළිබඳ වූ කාලානුකූල) දින වකවානු සටහන.
දිනදින
ක්රි.වි. දවස්පතා; දිනපතා; දවස ගානේ.
දිනනවා
ක්රි. ජයගන්නවා; ජයග්රහණය කරනවා; දිනුම ලබනවා.