දියබෙත්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගංඟාවකට වර්ෂා ජලය සපයන භූමි ප්‍රදේශය; ගංගාධාරය.
2. (කථා.) නා. ගඟකට ඇළ, දොළ ආදි දියපාරක් සම්බන්ධ වන ස්ථානය; ඇළ; මෝදර.
3. (පාරිභා.) නා. වෙනත් ගංගාවලට හෝ ගංගාධාරවලට ජලය වෙන් කර යවන කඳු සීමාව; එක ගංගාවක් තවත් ගංගාවකින් වෙන් කරන උස්බිම (=watershed).