දොර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගෙයකට හෝ ගොඩනැගිල්ලකට ඇතුළුවන විවරය; දොරකඩ; ද්වාරය; ප්රවේශය; නුවරක් වටා ඇති පවුරක මුවදොර.
2. නා.ප්ර. දොරටුව වසන ලෑල්ල; ඇතුළුවීම වළක්වන ආවරණය; කඩුල්ල.
3. නා.ප්ර. ගෙදර; නිවස; වාසස්ථානය.
4. නා.ප්ර. මිදුල; ගෙදර ඉදිරිපස හෝ පිටුපස වත්ත.
5. නා.ප්ර. සඳැල්ල; සඳලුතලය.
6. නා.ප්ර. ආසන්න තැන; සමීපය.
7. නා.ප්ර. වීදිය; මාර්ගය; පාර.
8. (අභි.) නා.ප්ර. රූපාදි අරමුණු ඇතුළුවන මාර්ගය; අරමුණු පිවිසෙන මඟ; තුන්තිස්පෑ හෝ සති.