පෙරාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දියර පෙරීම සඳහා උපයෝගී කරගන්නා කරගන්නා උපකරණයක් ; පැන් පෙරන රෙදිකඩ ; පෙරහන්කඩ.
2. ශබ්දය, විදුලිය වැනි භෞතික වස්තු පෙරෙන්නට සලස්වන උපකරණය හෝ කාර්ය ක්‍රමය.
3. ළඟින්-ළඟින් පත්ල සිදුරු කරන ලද ලෝහ බඳුන ; පිසන ලද හෝ පිසිනු ලබන ආහාර ආදියෙහි දිය සිඳුවීම සඳහා භාවිත කරන ලෝහ බඳුන.
4. ජලය පිරිසිදු කිරීම සඳහා විද්‍යානුකූලව සාදන ලද උපකරණය.
5. (ද්‍රවය) ඇදගැනීම ; උරා ගැනීම.