බද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රදේශයකට අයත් ; පෙදෙසක් තුළ පිහිටි ; ප්‍රදේශයකට, කලාපයකට සම්බන්ධ.
2. සෙලවිය නොහැකි; ස්ථිර.-අචල ; දැඩි ; දෘඪ.
3. සීමා සහිත ; සීමිත ප්‍රමාණයක් ඇති ; පරිමිත ; සාධාරණ.
4. ඇලුණු ; ලග්න.
5. යාවු ; හාවුණු ; බද්ධවුණු.
6. ප්‍රබන්ධ කරන ලද ; රචිත ; පබඳින ලද.
7. වෙන් කළ නොහැකි වූ ; එක්කැටි වූ.
8. කිට්ටු ; සමීප ; ආසන්න.
9. ඝන ; එකට තද වූ.
10. උතුම් ; යහපත් ; උත්කෘෂ්ට ; ප්‍රශස්ත ; භද්‍ර.