සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1142
බණ්ඩි ගොයම
නා. පීදෙන්නට ඉතා ආසන්න ගොයම.
බණිනවා
1. ක්‍රි. කතා කරනවා ; කියනවා.
2. පරිභව කරනවා ; අපහාස කරනවා.
බඬගැරි
නා.ප්‍ර. භාණ්ඩාගාරය භාර නිලධාරියා හෝ අමාත්‍යයා ; භාණ්ඩාගාරයේ ප්‍රධානියා ; භාණ්ඩාගාරිකයා.
බඬසල්
නා.ප්‍ර. ධාන්‍ය තැන්පත් කරන ගෙය ; කොටුගෙය ; වී අටුව ; ධාන්‍යාගාරය ; පත්තායම.
බත
1. නා. සහල් වෙනත් ධාන්‍ය නිසි පරිදි තම්බා පිළියෙළ කැරෙන ආහාරය ; ඕදනය.
2. භෝජනය ; කෑම වේල.
3. ගොදුර ; බිල්ල.
4. සහෝදරයා ; සොහොවුරා.
බතරොයිය
නා. ගොඩබිම හෝ යුද නැවක කාලතුවක්කු එකක් හෝ වැඩි ගණනක් සවිකොට ඇති ප්‍රහාරක ස්ථානය ; භටයින් හා රථවාහන සහිත හමුදා ප්‍රහාර ඒකකය.
බත් උළ
නා.ප්‍ර. බත් ඇටය ; ඉතා ස්වල්ප වූ ආහාර ප්‍රමාණය ; බඩගින්න නිවීමට ප්‍රමාණවත් නොවන භෝජනය.
බත් ඔරුව
1. නා. සමූහයකට ආහාරදීමේ දී එය දැමීමට භාවිත කරන ඔරුවක හැඩය ඇති භාජනය.
2. සතුන්ට කෑම දෙන දිග බක්කිය.
බත් කවන මඟුල
නා. දරුවකුට ප්‍රථම වරට සුබ මොහොතින් බත් කැවිලි ආදී ඝන ආහාර කැවීමේ උත්සවය ; ඉඳුල් කට ගෑමේ මංගල්‍යය.
බත් කෙණ්ඩ
නා. කකුලේ දණහිසත් වළලු-කරත් අතර කොටසෙහි යටි පැත්තෙහි පිටතට නෙරා ඇති මාංස පේශිය.
බත් ගම
1. නා. රජු හෝ රජයේ ප්‍රධාන නිලධාරින් හෝ සිය සේවකයන්ට ජීවිකාව සොයා ගැනීම සඳහා දුන් ඉඩම ; දිවෙල් ගම.
2. සිංහලයන් අතර පවතින කුලයක් ; වහුම්පුර කුලය.
බත් තටුව
නා. යක්ෂ ප්‍රේත ආදීන්ට පූජා වශයෙන් ඔප්පු කරන ආහාර තටුව ; පිදේනිය ; පිදවින්න.
බත් බැළයා
නා. කෑමට බීමට පමණක් දාස මෙහෙවර කරන්නා.
බත් මණ්ඩය
නා. ආහාර ගැනීමේ දී පාවිච්චි කරන තැටිය හෝ පිගාන ; බත්තලිය.
බත් මිල
නා. ආහාර සැපයීම සඳහා වැය වන මුදල ; කෑම වියදම ; යැපීම් දීමනාව.
බත් වෙනවා
1. ක්‍රි. ආහාරය බවට පත්වෙනවා ; ගොදුරු වෙනවා ; බිලිවෙනවා.
2. යටවෙනවා ; ගිලෙනවා.
3.තෙමෙනවා ; පෙඟෙනවා.
බත්කිස
නා. ආහාර කෘත්‍යය ; ආහාර අනුභවය ; දන් වැළඳීම.
බත්තන රාළ
1. නා. රජ මැඳුරෙහි මුළුතැන්ගේ කටයුතු සංවිධානය භාරව සිටි නිලධාරියා.
2. මුළුතැන් කදෙන් ගෙන යන ආහාර බඳුන්වලට බෙදා දෙවියන්ට පුදන දේවාල සේවකයා.
බත්තල
නා. ඇතැම් නැව් තොටවල නැවේ සිට ගොඩටත් ගොඩ සිට නැවටත් බඩුගෙන යාම සඳහා ගනු ලබන යාත්‍රා විශේෂයක්.
බත්පත
1. නා. බෙදන ලද බත් කොටස ; බත් පංගුව.
2. ජීවන මාර්ගය ; ජීවනෝපායය ; රැකියාව.
බත්හල
නා. දන් වළඳන ශාලාව ; දානශාලාව ; දන්හල.
බද
1. වි. ප්‍රදේශයකට අයත් ; පෙදෙසක් තුළ පිහිටි ; ප්‍රදේශයකට, කලාපයකට සම්බන්ධ.
2. සෙලවිය නොහැකි; ස්ථිර.-අචල ; දැඩි ; දෘඪ.
3. සීමා සහිත ; සීමිත ප්‍රමාණයක් ඇති ; පරිමිත ; සාධාරණ.
4. ඇලුණු ; ලග්න.
5. යාවු ; හාවුණු ; බද්ධවුණු.
6. ප්‍රබන්ධ කරන ලද ; රචිත ; පබඳින ලද.
7. වෙන් කළ නොහැකි වූ ; එක්කැටි වූ.
8. කිට්ටු ; සමීප ; ආසන්න.
9. ඝන ; එකට තද වූ.
10. උතුම් ; යහපත් ; උත්කෘෂ්ට ; ප්රශස්ත ; භද්‍ර.
බදන
1. නා.ප්‍ර. භාජනය ; බඳුන ; සැළිය ; පාත්‍රය.
2. බදාමය. ; ඇලෙන සුලු මිශ්‍රණය ; බදාගන්නා දෙය.
3. අමුණු බැම්ම ; වේල්ල ; කණ්ඩිය.
4. දැඩි කොට අල්ලා ගන්නා වූ උපකරණය හෝ අවයවය.
1. වි. තරයේ අල්ලා ගන්නා වූ ; බදා ගන්නා වූ ; වැළඳ ගන්නා වූ.
බදනවා
1. ක්‍රි. අසු කරනවා ; අල්ලනවා; අඩස්සි කරනවා ; රඳවනවා ; සිර කරනවා.
2. රවටනවා ; වංචා කරනවා ; වසග කරනවා ; පොළඹවනවා.
3. පොර අල්ලනවා ; මල්ලව පොරයෙහි යෙදෙනවා.
4. රචනා කරනවා ; ප්‍රබන්ධ කරනවා ; පබඳිනවා.
5. අඹරනවා ; වෙළු කවනවා ; ගොතනවා ; වෙළනවා.