සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1141
බඩැරි
නා.ප්ර. භාණ්ඩාගාරිකයා ; ගබඩාපාලකයා ; කෝෂ්ඨාගාරිකයා.
බඩු ලේඛනය
නා. භාණ්ඩ නාමාවලිය ; බඩු ලැයිස්තුව.
බඩු හුවමාරුව
නා. බඩුවට බඩුවක් දීමෙන් ගනුදෙනු කිරීමේ ක්රමය.
බඩුගැල
නා. වෙළඳ බඩු පුරවාගත් කරත්තය ; බඩුගෙන යන කරත්තය.
බඩුපෙට්ටිය
1. නා. අගනා බඩු තැන්පත් කරන පේටිකාව ; භාණ්ඩ මංජුසාව.
2. බඩුගෙන යාම සඳහා පමණක් යොදනු ලබන දුම්රිය පෙට්ටිය.
බඩුබාහිර
නා.ප්ර. ගෙදර තුළත් ඉන් පිටතත් පාවිච්චි කරන භාණ්ඩ ; මෙවලම් ; ආම්පන්න ; ගෘහභාණ්ඩ සමූහය.
බඩුමුට්ටු
1. නා.බහු. පෞද්ගලික සහ ගෙදර දොර භාවිතය සඳහා ගනු ලබන උපකරණ.
2. වෙළඳ භාණ්ඩ.
බඩුව
1. නා. භාණ්ඩය ; දෙය ; ද්රව්යය ; මෙවලම ; ආම්පන්නය ; උපකරණය.
2. ආභරණය ; අබරණ ; පළඳනාව.
3. වෙළඳ ද්රව්යය ; වාණිජ භාණ්ඩය.
බඩුසැල
නා. විවිධ වෙළෙඳ ද්රව්ය ගබඩා කර විකුණන කඩය ; සාමාන්ය වෙළෙඳ හල.
බඩේ ගාය
1. නා.ප්ර. බඩේ කැක්කුම.
2. විළි රුදාව ; ප්රසව වේදනාව.
බඩේ ගින්දර
නා. සෙනෙහැති අයකූගේ විපතක් ගැන යමකුගේ සිතෙහි ඇතිවන වේදනාව සහ නොසන්සුන්කම.
බණ
1. නා.ප්ර. බුදුරදුන් වදාළ දහම.
2. ගුණ දහම් හා පින් පව් විදහා දක්වමින් කරනු ලබන දේශනය ; උපදේශ.
3. කියමන ; භාෂණය.
4. කතා කරන දෙය ; බස.
5. අකුර ; අක්ෂරය.
6. සරසවි දේවිය.
7. ඊතලය ; සැරය.
8. බෙණය ; ගුල.
බණ අස්න
නා. ධර්ම දේශනය සඳහා හිඳින අසුන ; ධර්මාසනය.
බණ කියනවා
1. ක්රි. බුද්ධ ධර්මයට අනුගත දේශනයක් පවත්වනවා.
2. අවවාද අනුශාසනා කරනවා.
3. (කථා.) යම් තැනැත්තකුගේ රුචියට පත් නොවන අයුරේ අවවාද දෙනවා.
බණ ගෙය
නා. බණ ඇසීම සඳහා සැදැහැවතුන් එක්රැස් වන ගෙය ; ධර්ම ශාලාව ; බණ මඩුව.
බණ පොත
නා. බුද්ධ ධර්මය අඩංගු ග්රන්ථය ; බුදු දහම ලියැවුණු පුස්තකය.
බණ මග
නා. බුද්ධ ධර්මයෙන් පෙන්නා දෙන දෙන මාර්ගය ; දහම් මග.
බණනවා
1. ක්රි. කියනවා ; පවසනවා ; කතා කරනවා ; දොඩනවා ; ප්රකාශ කරනවා.
2. දොස් කියනවා ; නින්දා කරනවා ; අපහාස කරනවා ; බණිනවා.
බණවර
නා. එක වරකින් කියා නිම කළ හැකි බණ කොටස, අෂ්ට අක්ෂර විරිතින් බැඳි ගාථා 250කින් එනම් අක්ෂර 8,000කින් යුත් ධර්ම.
බණසුන
1. නා. බණ දෙසන අවස්ථාවේ දී ධර්ම දේශකයා වැඩ හිඳින ආසනය.
2. ඊතලයේ ආසනය වන දුන්න.
බණ්ඩාර
1. නා.ප්ර. කුමාරයා ; රාජකීයයා ; රාජවංශිකයා.- රදළ පෙළපතකින් පැවතෙන්නා ; කුලවතා.
2. දේවතාවුන්ට ගෞරව වශයෙන් යොදන උප පද නාමයක්.
බණ්ඩාරනායක
නා.ප්ර. රාජ්ය භාණ්ඩාගාරයේ ප්රධානියා ; භාණ්ඩාගාරයේ නායකයා.
බණ්ඩාරවලිය
නා. රජ-රදළ මිශ්රණයෙන් පැවතෙන පරපුර.
බණ්ඩි
1. නා.ප්ර. ගොයම්, කුරහන් ආදී ධාන්යවල කරල පිටට ඒමට ආසන්න අවස්ථාව ; පීදීගෙන එන ගොයම.
2. කිසිවක උදරාකාර කොටස.
වි. ඛණ්ඩිය සහිත ; පීදීගෙන එන ; බණ්ඩි වූ.