බරවෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බර දැනෙනවා ; බරින් පෙළෙනවා.
2. යමක් බර නිසා පාත්වනවා ; බරින් නැමෙනවා ; පැත්තකට ඇලවෙනවා ; ඇල ගහනවා.
3. පක්ෂග්‍රාහි වෙනවා.
4. බරපතළ වෙනවා ; බැරෑරුම් වනවා.
5. ශරීරාංගවල බර ගතියක් දැනෙනවා ; සැහැල්ලු බවින් තොරවෙනවා.
6. මලමුත්‍ර පහවීමට ආසන්න වෙනවා.