බරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බර සහිත දෙය ; බරවන්නට තබන හෝ එල්ලන දෙය ; බරින් යුක්ත වූව.
2. නැව් ආදී යාත්‍රා නවත්වා තැබීම සඳහා දිය පත්ලට බස්සවන බර ඇති දෙය ; නැංගුරම.
3. යාන්ත්‍රික කොටසක බර දරා සිටින අවයවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anchor
2. n. bearing
3. Mat. sinker
4. n. weight