මුඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. 1. ඌරාගේ හොම්බ ; නාසය ඇතුළත් ඉදිරි කොටස.
2. හිස මුදුනෙහි ගැට ගසන කුඩා කොණ්ඩය.
3. ගෝනි, මල ආදියෙහි කට බැඳීමේදී බැම්මට ඉහළින් ඉතිරිවන කොටස.
4. බැඳීමේදී හෝ වෙළීමේදී භාවිත කිරීමට පහසු වන පරිදි ලණුවැල් ආදිය ඔතා සකස් කරගන්නා කැරැල්ල හෝ පන්දුව.