සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1252

මුඩවා

නා.ප්‍ර. හිර කරන වාතය ; බාධා කරන වායුව.

මුඩාව

1. නා. දුන්නෙහි කොන ; දුනුහිස.
2. (පාරිභා.) ගැටය ; කුඩා ගුළිය.

මුඩිච්චිය

1. නා. හිස බැඳි කුඩා කොණ්ඩය.
2. වටේ කෙස් කපා ඉතිරි කරන කෙස්රොද.

මුඩිප්පුව

නා. දෙවියන් උදෙසා ගැටගසන ලද බාරය ; පඬුර.

මුඩිය

(කථා.) නා. 1. ඌරාගේ හොම්බ ; නාසය ඇතුළත් ඉදිරි කොටස.
2. හිස මුදුනෙහි ගැට ගසන කුඩා කොණ්ඩය.
3. ගෝනි, මල ආදියෙහි කට බැඳීමේදී බැම්මට ඉහළින් ඉතිරිවන කොටස.
4. බැඳීමේදී හෝ වෙළීමේදී භාවිත කිරීමට පහසු වන පරිදි ලණුවැල් ආදිය ඔතා සකස් කරගන්නා කැරැල්ල හෝ පන්දුව.

මුඩු

1. වි. හිස් ; කිසිවක් නැති ; පාළු.
2. හිසකෙස් නැති ; තට්ට.
3. කැටයම් කිසිවක් නැති ; මට්ටම්.
4. පරණ වූ ; පිළුණු වූ ; නරක් වූ.
5. මිශ්‍ර වූ.
6. සරසන ලද.
1. නා.ප්‍ර. දුනු ලීයේ කොන ; දුනු මුඩාව.
2. සැරයටියක මුදුන.
3. පළතුරු වර්ගයක් වන මසත් ; මහදෙබර.
4. සැරසිල්ල.
5. මුදුන ; මස්තකය.
6. වන්දිය.

මුඩු ඉඩම

නා. හිස් භූමිය ; පාළු බිම.

මුඩු තෙල්

නා.ප්‍ර. දියමුසු වූ හෝ නරක් වූ තෙල ; පුස් ගතියෙන් යුතු මේදය.

මුඩු බිම

නා. හිස් ඉඩම ; වගා නොකළ භූමිය.

මුඩු හැල්

නා.ප්‍ර. වී වර්ගයක්.

මුඩුක්කු

1. වි. පටු පාරට සම්බන්ධ.
2. විශේෂයෙන් නාගරික අඳුරු පෙදෙසකට අයත්.

මුඩුක්කුව

1. නා. විශේෂයෙන් නගරයක ඉතා දිළිඳු ජනයා වෙසෙන අපවිත්‍ර පෙදෙස.
2. අපිරිසිදු පෙදෙසක පිහිටි පැල්පත.
3. මුල්ල ; අඳුරු කොන ; අස්ස.
4. පටු මාවත.
5. ගුහාව ; ලෙන.

මුඩුප්පු

නා.ප්‍ර. පෙට්ටි මඤ්ජුසා ආදියෙහි දෙපසින් ඇල්ලීමට හෝ එසවීමට යොදා ඇති කොක්ක.

මුඩුම

වි. කාලකණ්ණි ; අවාසනාවන්ත ; මූසල.

මුඩුමයා

1. නා. රවුළු නැති මිනිසා.
2. අවාසනාවන්තයා.

මුණගැසෙනවා

1. ක්‍රි. හමුවෙනවා.
2. අභිමුඛව සිටිනවා.

මුණත

1. නා. තලයක මතුපිට ; තල පෘෂ්ඨය.
2. උලක තුඩ ; මුදුන.
3. කැපෙන පැත්ත.
4. ඉස්සරහ පැත්ත.
5. කෙළවර ; උල.

මුණ්ඩකය

1. නා. කෙස් ආදිය කැපීම ; මුඩු කිරීම.
2. උපනිෂද් ග්‍රන්ථයක නාමය.
3. (පාරිභා.) පුෂ්ප මඤ්ජරිය.
4. කිසියම් අවයව කොට්ඨාසයක හෝ ඇට ආදියක ගෝලාකාර පර්යන්තය.

මුණ්ඩනය

නා. හිසකෙස් ආදිය කැපීම ; මුඩු කිරීම.

මුණ්ඩම

නා. කෝප්පය ; කුසලානය.

මුණ්ඩය

1. නා. උණ්ඩය ; මූනිස්සම.
2. (කථා.) ලෙලි ගැසූ පොල්ගෙඩියෙහි ඉතිරිව තබන මුඩ්ඩ.

මුණ්ඩාසනය

නා. හිස් වෙළුම ; තලප්පාව ; සුම්බරය.

මුණින් අතට

(කථා.) ක්‍රි.වි. යටිකුරු ව.

මුණින්තලා වෙනවා

ක්‍රි. මුහුණ බිම දෙසට හරවා වැතිරෙනවා.