සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1251

මුඛරි

1. වි. කථාවෙහි දක්ෂ.
2. කටහැකර ; වාචාල.

මුඛරියා

1. නා. කථාවට දක්ෂ පුද්ගලයා.
2. කටහැකර තැනැත්තා ; වාචාලයා.

මුඛවාඩම්

1. නා.ප්‍ර. කට වැසීම සඳහා ගැනෙන රෙදි කඩ.
2. (කථා.) කථා නොකර සිටීම ; කිසිවක් ගැන විවේචනය නොකර සිටීම.

මුඛ්‍ය

1. වි. මුඛය සම්බන්ධ ; මුඛය පිළිබඳ.
2. ප්‍රධාන ; මූලික.

මුඛ්‍යාර්ථය

නා. මූලික අදහස ; ප්‍රධාන අර්ථය.

මුඛාංගය

නා. නාඩගම් නාට්‍යයක මුල්ම ගායනය.

මුග

1. නා.ප්‍ර. ගොළුවා ; මුගයා.
2. මුං ගස.

මුගටියා

නා. නකුලයා ; මුංගුසයා ; තඹ වන් දිග ලොම් සහිත වලගක් ඇති කුඩා මාංශ භක්ෂක සිවුපාවෙක්.

මුග්ධ

වි. මෝඩ ; මන්දබුද්ධික.

මුග්ධයා

නා. මෝඩයා ; අඥානයා ; නැණහීනයා.

මුගුර

නා. පහර දීම සඳහා සාදාගත් කෙටි දඬුකඩ ; බැටන් පොල්ල ; ගදායුධය.

මුචලින්ද

1. නා.ප්‍ර. මහාසම්මත වංශයට අයත් රජ කෙනෙකුගේ නම.
2. නාගරාජයකුගේ නාමය.
3. යක්ෂයකූගේ නාමය.
4. විලක නාමය.
5. මිදෙල් ; බක් මී.
6. හිමාලය අසල පිහිටි පර්වතයක නාමය.

මුඤ්චන

වි. මිදෙන ; අත්හරින ; දීමට රිසි.

මුට්ටය

1. නා. බුසල් 2 1/2ක් වන මිණුම් ප්‍රමාණයක්; බුසල් දෙක හමාරක ප්‍රමාණයට ධාන්‍ය, සීනි ආදිය පුරවන ලද ගෝනියක් හෝ මිටියක්.

මුට්ටි නමනවා

ක්‍රි. මුට්ටි මංගල්‍යය පවත්වනවා.

මුට්ටි මංගල්‍යය

1. නා. අයියනායක දේව වන්දනාවට අයත් පූජා උත්සවයක්.
2. මධ්‍යකාලීන ශස්‍ය උළෙලක්.

මුට්ටිය

නා. මැටි ආදියෙන් කළ වළඳ.

මුට්ටුව

1. නා. අඩු බව ; හිඟකම ; අඩුපාඩුව ; හිඟය.
2. රාශිය ; සමූහය ; ගොඩ.

මුට්ඨස්සතිය

නා. සිහිමුළාව.

මුට්ඨි

නා.ප්‍ර. අතේ මිට ; මුෂ්ඨිය.

මුට්ඨි මල්ලව

නා.ප්‍ර. මිටින් පහර දෙන්නා ; මල්ලවයා.

මුඩ

වි. හිස බූ ගෑ ; කෙස් කපා දැමූ.
1. නා.ප්‍ර. හිස බූ ගෑ තැනැත්තා ; ශ්‍රමණයා ; භික්ෂුව.
2. හිර කිරීම බාධාව ; වැළකීම.
3. රුකුලක් ලෙස ගසන කණුව ; මුක්කුව.
4. සතුන් එළවීමට තැනූ මැස්ස.
5. අට්ටාලය ; වී හුළං වී කිරීමේ අට්ටාලය.

මුඩම

නා. භාජනය විශේෂයක් ; තලිය.