සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1250
මුකුල
නා.ප්ර. මල් කැකුළ ; පොහොට්ටුව ; මොට්ටුව.
වි. හැකුළුණු ; පර වූ.
මුකුලිත
වි. හැකුළුණු ; පියවුණු ; පරවුණු.
මුකුළුව
1. නා. කොමලය ; අගර දගර ; ඔමරිය.
2. මල් කැකුළ ; පොහොට්ටුව.
මුඛ කබලය
නා. මුඛය තුළට දියර වර්ගයක් ගෙන කැලැත්තීම මුල්කොට ඇති ප්රතිකාර විධිය.
මුඛ ගණ්ඩය
නා. මුහුණේ දෙපැත්ත ; දෙකම්මුල.
මුඛ නිමිත්ත
නා. මුහුණෙහි හැඩහුරුකම.
මුඛ පට
නා.ප්ර. මුව වසා බඳිනු ලබන රෙදිකඩ ; මුකවාඩම.
මුඛ පටහ
නා.ප්ර. බෙර වර්ගයක්.
මුඛ පරම්පරාගත
වි. කටින් කට පැවැත එන ; කටපාඩමින් ගෙන එන.
මුඛ පාතනය
නා. මුහුණ යටිකුරු කිරීම.
මුඛ පාළි
නා.ප්ර. කටපාඩම.
මුඛ පුඤ්ජනය
1. නා. මුහුණ පිස දැමීම.
2. මුහුණ පිසදමන තුවාය ; ලේන්සුව.
මුඛ බන්ධනය
නා. කට වැසීම ; නිශ්ශබ්ද කරවීම ; නිරුත්තර කරවීම.
මුඛ බන්ධය
නා. ග්රන්ථාරම්භයෙහි කරන හැඳින්වීම ; පෙරවදන ; ප්රස්තාවනාව.
මුඛ වට්ටිය
1. නා. මුව විට ; මෝවිට.
2. වහල වටා සවි කර ඇති වඩිම්බු ලෑල්ල.
3. පාත්ර ආදියෙහි කට ; ගැට්ට.
මුඛකේශ
නා.ප්ර. බළල් ආදි සතුන්ගේ මුව අවට ඇති ස්පර්ශීන්ද්රීය කෙඳි.
මුඛජ අභිනය
නා. මුහුණේ ප්රකාශනයන්ගෙන් අර්ථ මතු කිරීම.
මුඛදෝෂ
නා.ප්ර. කථා කිරීමේ දී සිදුවන වැරැදි.
මුඛපණ්ණය
නා. රාජකීය ආඥාව ලියූ සන්නස හෝ පත්රය.
මුඛපත්රය
නා. පළමු පිටුව ; මුල් පිටුව.
මුඛපාඨ
1. නා.ප්ර. කටපාඩමෙන් ගෙන ආ කොටස.
2. ප්රවේශපාඨ ; සිරස්තල.
මුඛපුටය
නා. මුව සිදුර ; මුඛය.
මුඛමඞ්ගලිකයා
නා. වන්දිභට්ටයා ; විරුද ගායකයා.
මුඛය
1. නා. වක්ත්රය ; වත ; මුහුණ.
2. කට.
3. දොරටුව ; ද්වාරය.
4. ස්වරූපය ; මුහුණුවර ; ආකාරය.
5. අදහස ; අරමුණ.
6. කාරණය ; හේතුව.
7. තුඩ ; හොටය.
8. පැරණි මිම්මක් ; වණ, තුවාල ආදියෙහි විවෘතව පෙනෙන කොටස.
මුඛර
1. වි. නිරතුරු ශබ්ද නඟන ; දොඩමලු ; බිණීමෙහි සමත්.
2. අප්රිය දේ කථා කරන.