සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1249
මුක්කම්
1. වි. ඉතා පැතලි නාසයක් ඇති.
2. නාසයෙන් ශබ්ද උපදවා කථා කරන.
මුක්කාලිය
1. නා. කකුල් තුනේ මිටි ආසනයක් ; කුඩා බංකුව.
2. වී හුළං කිරීමේ දී ඉහළට නැඟ සිටීම සඳහා ලී දඬු තුනක් යොදා සාදන අට්ටාලය ; කතිරය.
මුක්කු ගහනවා
1. ක්‍රි. යම්කිසිවක් රඳවා තැබීම සඳහා ආධාරකයක් සවි කරනවා.
2. පිළිවෙළ බිඳගෙන අතරින් රිංගනවා.
මුක්ත
1. වි. මිදුණු ; නිදහස් වූ.
2. අත්හළ ; ඉවත් කළ.
3. උනන් ලද ; ඉනූ.
4. ප්‍රමාණවත් ; තරම් වූ.
මුක්ත චේතනා
නා.ප්‍ර. දනක් දෙන්නහු කෙරෙහි හටගන්නා චේතනා තුනෙන් එකක්.
මුක්ත පුරුෂ
නා.ප්‍ර. කෙළෙසුන් කෙරෙන් මිදුණු පුද්ගලයා ; ආර්යයා.
මුක්ත ශක්තිය
නා. රසායනික ප්‍රතික්‍රියාවල දී ද්‍රව්‍යයක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියේ දී මුදා හරිනු ලබන බලය.
මුක්ත හස්ත
වි. තෑගිවන්ත ; ත්‍යාගශීලී.
මුක්තක
1. නා.ප්‍ර. අඩයටිය.
2. පද්‍ය රචනා විශේෂයක්.
3. තෙලඹු ගස.
මුක්තය
1. නා. විමුක්තිය ; නිවන.
2. නිදහස් වූ දෙය ; නිදහස් වීම.
මුක්තා
නා.ප්‍ර. මුතු ඇටය.
මුක්තාග්ර පර්ශුව
(පාරිභා.) නා. ඌරෝස්ථියට සම්බන්ධ නොවන ඉළ ඇටය.
මුක්තාහාරය
නා. මුතුවැළ ; මුතුපොට ; මුතුමාලාව.
මුක්තිකාමතා
නා.ප්‍ර. මිදෙනු කැමැති බව.
මුක්තිදායකයා
නා. මිදීම ලබා දෙන්නා ; මෝක්ෂය උදා කර දෙන තැනැත්තා.
මුක්තිය
1. නා. මිදීම ; ගැලවීම.
2. ක්ලේශඡේදනය කිරීමෙන් ලබන විමුක්තිය ; නිර්වාණය.
3. අත්හැරීම.
4. අධිකරණ බල සීමා, බදු ආදියෙන් නිදහස් වීම.
මුක්තිශමය
නා. වරද, අපරාධ, බදු, ණය ආදිය සම්බන්ධයෙන් දෙනු ලබන සහනදායක නිදහස.
මුකුටය
1. නා. මකුටය ; හිසේ පලඳනාව ; ඔටුන්න.
2. මල්පෙතිවලින් සෑදී ඇති වටය ; මලක පෙති සමූහය.
3. සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ ප්‍රභා මණ්ඩලය.
මුකුණු
නා.ප්‍ර. නාසයෙන් ගලන දියර ; සොටු.
මුකුණුවැන්න
නා.ප්‍ර. ආහාර හා ඖෂධ වශයෙන් ගැනෙන පැළෑටි වර්ගයක්.
මුකුන්ද
1. නා.ප්‍ර. විෂ්ණු දෙවි.
2. හින්දුස්ථානි සංගීතයට අයත් කාල ප්‍රභේදයක්.
මුකුර
නා.ප්‍ර. මුහුණ බලන කණ්ණාඩිය ; කැඩපත.
මුකුරා
1. නා. ගොළුවා.
2. ගොත තැනැත්තා.