සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1253
මුණුමුණුව
නා. ඉතා සිහින් හඬ ; මිමිනීම ; කණට ඇසෙන නෑසෙන හඬින් කරන කෙඳිරීම.
මුඬ
1. නා. රුකුලක් කොට ගසන කණුව ; මුක්කුව.
2. දුනුමුඩාව.
මුඬම
නා. බොකු හැඩය සහිත තලිය ; බොකුපිඟාන.
මුඬු
වි. දුගඳ සහිත.
1. නා.ප්‍ර. සැරයටියෙහි මුදුන් කෙළවර.
2. වැරදි සඳහා දෙන දඬුවමක්.
මුත
1. වි. ලිහා දමන ලද ; මුදාහළ ; මුක්ත වූ.
2. ඉඳුරත් මගින් අවබෝධ කරගත්.
නා.ප්‍ර. මංගල සම්මත දෙයක්; ඝාණ, ජිහ්වා, කාය යන ඉන්ද්රියයන් මගින් දැනගත යුතු සුගන්ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය යන තුන.
මුත මංගලික
නා.ප්‍ර. ආඝ්‍රාණය කළ සුවඳ, විඳින ලද රසය, කය ලබන පහස මඟුලැයි පිළිගත් තැනැත්තා හෝ පුද්ගල සමූහයා.
මුත්
1. නා.ප්‍ර. මුත්‍ර ; සුළුදිය.
2. අමුත්තා ; ආගන්තුකයා.
3. මුතු ඇටය.
4. මුත්තක ; අර්ථයක් සම්පූර්ණ ව ප්‍රකාශ කරන තනි පද්‍යයක්.
1. නි. නමුත් ; එනමුත්.
2. විනා ; හැර ; මිස.
මුත්තචාග
නා.ප්‍ර. ලබන තැනැත්තාගෙන් කිසිවක් අපේක්ෂා නොකොට පරිත්‍යාග කරන්නා.
මුත්තා
1. නා. මවගේ හෝ පියාගේ හෝ පියා ; ආතා.
2. (කථා.) ගොයම් පෑගීමට පෙර කමතෙහි තැන්පත් කරනුලබන හක්ගෙඩිය. දෑකැත්ත වැනි ආරක්ෂක භාණ්ඩ.
මුත්ති
නා.ප්‍ර. මිදීම ; ගැලවීම.
මුත්තෙට්ටුව
1. නා. ඉඩම් හිමියන්ගේ ඉඩම්වල පදිංචිකරුවන් කුලී නොගෙන වගා කරන ඉඩම් කොටස.
2. කුඹුරට ගෙන යන කෑම.
3. කුඹුරු හිමියාට ලැබෙන අස්වනු කොටස.
මුත්හස
නා. මුද්‍රාවෙහි හංස ලක්ෂණය ; හංස ලකුණ සහිත මුද්‍රාව.
මුත්‍ර අඩස්සිය
නා. මූත්‍ර හිරවීමේ රෝගය.
මුත්‍ර බන්ධනිය
(පාරිභා.) නා. (සත්ව.) පෙකණි වැල මූත්‍රාශය හා යා කරන බන්ධනිය.
මුත්‍ර බොක්ක
නා. මූත්‍රවාහිනී නාල දෙකෙන් ගෙනෙනු ලබන මූත්‍ර එක්රැස් වෙන අවයවය ; මූත්‍රාශය.
මුත්‍ර මාර්ගය
නා. මූත්‍රාශයේ සිට මූත්‍ර බැහැර කරන නාලය ; මූත්‍ර පථය.
මුතු
1. නා.ප්‍ර. මුතු බෙල්ලන්ගෙන් හා ඇත් දළ ආදියෙන් ස්වාභාවිකව ලැබෙන රත්න වර්ගයක් ; මුක්ත.
2. අර්හත් ඵලය නැමැති විමුක්තිය ; මෝක්ෂය.
3. මවගේ හා පියාගේ පියා.
වි. මල් කොපුවෙන් පිටවුණු ; මුක්ත ; මිදුණ.
මුතු ආකරය
නා. මුතුබෙල්ලන් රැඳී වෙසෙන මුහුදු ප්‍රදේශය ; මුතුපරය.
මුතු කිමිදෙනවා
ක්‍රි. මුහුදේ යට ඇති මුතුපර සොයා ගොස් මුතු බෙල්ලන් ගොඩබිමට ගෙනෙනවා.
මුතු කෙළිය
නා. මුතු ඇට හෝ යම් කුඩා ශාක ඇට පෝරුවක තැබීමෙන් කරනු ලැබූ පුරාණ සිංහල කාන්තා ගෘහස්ථ ක්‍රීඩාවක් ; ඔලිඳ කෙළිය.
මුතු සාලුව
නා. මුතු අමුණා සෑදූ කත් කූඩය.
මුතුකලප්
නා.ප්‍ර. ගොතන ලද මුතු වැල් ; සමූහය ; මුතු කලඹ.
මුතුකැටය
නා. මුක්තා ඵලය මුතු ඇටය.
මුතුදම්
නා.ප්‍ර. මුතුමාලය ; මුතුපට ; මුතුහර.