සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1254
මුතුන්මිත්තෝ
නා.බහු. මුත්තා හා මිත්තණි පිරිස ; පරම්පරාවට අයත් ව සිට මියගිය පැරැන්නෝ.
මුතුපට
1. නා.ප්‍ර. මුතුවැල ; මුත්හර.
2. මුතු ඇට අමුණා කළ ඇතිරිල්ල.
මුතුපරය
නා. මුතු බෙල්ලන් එල්ලී සිටින ගල්වැටිය.
මුතුපෝරුව
නා. ඔලිඳ කෙළිය සඳහා භාවිත කළ ලෑල්ල.
මුතුවඩම
නා. මුතු වැල ; මුක්තාහාරය.
මුතුසවඩිය
නා. ඉණෙහි බඳින මුතු ඇල්ලූ පොටවල් තුනකින් පමණ සමන්විත වූ පටියක නාමය.
මුද
1. නා.ප්‍ර. සතුට ; ප්‍රමෝදය.
2. මල් රොන් රසය.
මුදනවා
1. ක්‍රි. බැම්මෙන් ලිහනවා.
2. පහ කරනවා ; පිට කරනවා.
3. බිය නැති කරනවා.
4. අත්හැර දමනවා.
5. මුදා හරිනවා ; විහිදනවා.
මුදල
1. නා. විනිමය මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගනු ලබන කාසි, නෝට්ටු කොළ ආදිය.
2. වටිනාකමක් මැනීමේ මිනුම.
මුදල් අධිකාරිය
(පාරිභා.) නා. මූල්‍ය කටයුතු මෙහෙයුම් මූලස්ථානය ; බැංකු හා මූල්‍යායතන හසුරුවන මව් බැංකුව ; මහ බැංකුව.
මුදල් අනුපාතය
(පාරිභා.) නා. වාණිජ බැංකු පාලනය කිරීම සඳහා මහබැංකුව අනුගමනය කරන උපක්‍රමවලින් එකක් ; මුළු වත්කම් ප්‍රමාණයෙන් මුදල් වසයෙන් තබාගත යුතු සංචිතය හෝ ප්‍රමාණය.
මුදල් අවප්‍රමාණය
(පාරිභා.) නා. විනිමය අනුපාතිකය කිසියම් විදේශීය මුදල් වර්ගයක් සමග නිල වශයෙන් සම්බන්ධ කොට ඇති අවස්ථාවක දේශීය මුදලේ විදේශ අගය පහළ දැමීම.
මුදල් අස්ථායිතාව
(පාරිභා.) නා. මුදලෙහි අගය නිතර නිතර උච්චාවචනය වීම ; මුදලෙහි ස්ථිරකමක් නැති බව.
මුදල් ආදායම
(පාරිභා.) නා. 1. පුද්ගලයකු මුදල් වශයෙන් ලබන ආදායම.
2. බැංකු පොළී ප්‍රමාණය පහළ දැමීමෙන් වන ප්‍රතිඵලයක් ; මුදල් ගනුදෙනු වැඩිවීමෙන් ලැබෙන ලාභය.
මුදල් ආදේශ
(පාරිභා.) නා.ප්‍ර. මුදල් වෙනුවෙන් භාවිත කළ හැකි වටිනාකම් ඒකකය.
මුදල් ආයතනය
(පාරිභා.) නා. මූල්‍ය කටයුතු මෙහෙයවන ස්ථානය.
මුදල් උද්ධමනය
(පාරිභා.) නා. මිල මට්ටම දිගින් දිගට ම ඉහළ යාම.
මුදල් කලාපය
(පාරිභා.) නා. යම්කිසි සම්මත මුදලක් ප්‍රධාන විනිමය මාධ්‍යය ලෙස පිළිගන්න රටවල් සමූහය හෝ ප්‍රදේශය.
මුදල් කෙටුම්පත
(පාරිභා.) නා. පාර්ලිමේන්තුව හෝ එවැනි ආයතනයකින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරිපත් කරන දළ සැලැස්ම හෝ පිටපත.
මුදල් ගිණුම
(පාරිභා.) නා. මූල්‍ය කටයුතු පිළිබඳ ගනුදෙනු ලැයිස්තුව.
මුදල් චාක්රණය
(පාරිභා.) නා. මුදල් අදාළ කටයුතුවල යෙදීම ; මුදල් නිතර නිතර ගනුදෙනු වීම.
මුදල් නීතිය
(පාරිභා.) නා. රටක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සමුදාය.
මුදල් මැවීම
(පාරිභා.) නා. වාණිජ බැංකු ක්‍රමය තුළට ගලා එන තැන්පතුවල වටිනාකමෙන් කිහිප ගුණයක වටිනාකම ඇති ණය සම්පාදන කිරීමේ කාර්යය.
මුදල් වට්ටම
(පාරිභා.) නා. 1. අත්පිට මුදලට ගැනීමේදී සියයට ගණනක් වශයෙන් අඩු කෙරෙන මුදල ; කාසි වට්ටම.
2. ගෙවිය යුතු නියම කාලසීමාවට පෙර ණය මුදලක් ආපසු ගෙවීම වෙනුවෙන් ලැබෙන මිල අඩු කිරීම.