සෙනසන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. භික්ෂූන් වහන්සේලා ගිහි සමාජයෙන් ඈත් ව, හුදෙකලා ව භාවනානුයෝගී ව වසන සන්සුන් පරිසරය ; භික්ෂූන් වහන්සේලාගේ ආවාසය ; භික්ෂූන් වැඩ සිටින අසපුව ; සෙනස්න ; සේනාසනය.
2. භික්ෂූන් නිඳන, හිඳින ස්ථානය.
3. නිදීම, හිඳීම සඳහා ගැනෙන කොට්ට, මෙට්ට ආදිය.