සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1855
සෙත්සිරි
නා.ප්‍ර. ශාන්ති ශ්රීය ; ශාන්තිය උදාවීමෙන් ඇති වන කායික මානසික සම්පත.
සෙතිජ
නා.ප්‍ර. මුවා ; මෘගයා.
සෙද
1. ක්‍රි.වි. වහා ; ඉක්මනින්.
2. දැඩිව ; තදින්.
නා.ප්‍ර. ඩහදිය ; ස්වේද.
සෙදගැමි
වි. සකෘදාගාමි ; නිර්වාණාවබෝධයට යොමු වුණු ලෝකෝත්තර මාර්ගයෙහි දෙ වැනි ආර්ය ඵලය.
සෙදන්
නා.ප්‍ර. දසරුව ; උරහිස.
සෙදල
නා.ප්‍ර. කොකා ; බලාකාවා.
සෙදල්
1. නා.ප්‍ර. ඉක්මන ; යුහුබව.
2. පෙරවරුව ; පූර්වාහ්නය.
සෙදැරිය
(කථා.) නා. ඉක්මන ; හදිස්සිය.
සෙන
1. නා. වහළ කෙළවර.
2. සෙනඟ ; සේනාව.
3. සයනය ; හාන්සිවීම.
වි. සිනහවන.
සෙනවිරත්
නා.ප්‍ර. සේනාධිපති ; සේනාධිනායක.
සෙනසන
1. නා. භික්ෂූන් වහන්සේලා ගිහි සමාජයෙන් ඈත් ව, හුදෙකලා ව භාවනානුයෝගී ව වසන සන්සුන් පරිසරය ; භික්ෂූන් වහන්සේලාගේ ආවාසය ; භික්ෂූන් වැඩ සිටින අසපුව ; සෙනස්න ; සේනාසනය.
2. භික්ෂූන් නිඳන, හිඳින ස්ථානය.
3. නිදීම, හිඳීම සඳහා ගැනෙන කොට්ට, මෙට්ට ආදිය.
සෙනසුන් ගුත්තිය
නා. භික්ෂූන් වහන්සේලා වසන සේනාසනයක ආරක්ෂාව ; සෙනසුන රැක බලා ගැනීම.
සෙනසුරා
නා. නව ග්‍රහයින්ගෙන් එක් ග්‍රහයෙක් ; ශනි.
සෙනසුරාදා
නා. සතියේ සත් දින අතර හයවන දිනය ; සිකුරාදාට පසු සහ ඉරිදාට පෙර දිනය.
සෙනසුරු ඒරාෂ්ටකය
නා. කේන්ද්‍රයක සෙනසුරු ග්‍රහයාගේ ගමනින් යම්කිසි රාශියකට ප්‍රවිෂ්ට වී සිටින කාලය ; සෙනසුරා අශුභ ඵල දෙමින් ජන්ම කේන්ද්‍රයේ සිට අටවැනි ස්ථානයට, ලග්නයට හෝ චන්ද්‍රයා සිටි රාශියට පැමිණීම.
සෙන්
1. නා.ප්‍ර. සේනාව ; සෙනඟ.
2. උකුස්සා.
3. ආහාරය.
4. සෙණ ; හෙණය.
සෙන් තල
නා.ප්‍ර. ශුද්ධ කරන ලද තල ඇට ; පාහින ලද තල.
සෙන්ටඋරුස්
නා.ප්‍ර. වෘෂභ රාශිය දැක්වෙන තාරකා සමූහය.
සෙන්ට්රියෝලය
නා. කේන්ද්රිකාව ; කේන්ද්‍ර දේහය තුළ තිබෙන කණිකාවක්.
සෙන්ටි
නා.ප්‍ර. සියයයෙන් පංගුව දක්වන උපසර්ගය.
සෙන්ටිග්රෑමය
නා. (ගණිත.) ග්රෑමයෙන් සියයෙන් පංගුව.
සෙන්ටිග්‍රේඩ්
(පාරිභා.) නා.ප්‍ර. ශතාංශකය; අංශක සියයක් තිබෙන සේ සෙල්සියස් සෑදු උෂ්ණමානය.
සෙන්ටිග්‍රේඩ් අංශකය
නා. සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වමානයෙන් දක්වනු ලබන එක් අංශයක ප්‍රමාණය.
සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වමානය
නා. ජලයේ හිමාංකයත් තාපාංකයත් අතර අංශක සියයක් තිබෙන සේ සැකසුණ උෂ්ණත්වමානය ; සෙල්සියස් උෂ්ණත්වමානය.