සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1856
සෙන්ටිග්‍රේඩ් පරිමාණය
නා. හිමාංකයේ හා තාපාංකයේ වෙනස අංශක සියයකින් දැක්වීමේ ක්‍රමය.
සෙන්ටිමීටරය
නා. මීටරයෙන් සියයෙන් පංගුවක් වන දිග මැනීමේ ඒකකය.
සෙන්ටිමෝගනය
නා. සත්වයන්ගේ ලක්ෂණ අතර ජාන පිළිබඳ එකිනෙක දුර ප්‍රමාණය ගණන් ගන්නා මිනුම් ඒකකය.
සෙන්ද්රිය
වි. ඉන්ද්රිය සහිත ; ඉන්ද්රිය හා යුක්ත වූ.
සෙන්නා
නා. සිනාසෙන තැනැත්තා.
සෙන්සෙලෙප්පුව
(කථා.) නා. සාන්ත-දාන්ත භාවය ; කායික සංවරය.
සෙනිය
නා. සේනා සමූහය ; ජන සමූහය.
සෙනු
නා. සිනාව ; සිනාසීම.
සෙනෙදස
නා. ආදරය ; ඇල්ම.
සෙනෙවි
නා.ප්‍ර. සේනාපති ; සේනාධිනායක.
සෙනෙහ
නා.ප්‍ර. ආදරය ; ප්‍රේමය ; ආලය ; සෙනෙහස.
සෙනෙහස
නා. ආදරය ; ප්‍රේමය.
සෙනේහ
නා.ප්‍ර. ගිතෙල් ; එළඟිතෙල්.
සෙනොන්
නා.ප්‍ර. විරල වායුවලින් එකක් වන නිෂ්ක්‍රිය මූල ද්‍රව්‍යයක්.
සෙපතු
නා. ශ්වේත හෙවත් සුදු හංසයා.
සෙපය
1. නා. රශ්මිය ; රැස්.
2. සේව්‍ය ප්‍රියාව ; සේවනය කළ යුතු කාන්තාව.
3. ගෙවීම ; හෙම්බත් වීම ; ක්ෂේපය.
වි. ප්‍රිය වූ ; රුචි වූ.
සෙප්ටම් බල්බය
(පාරිභා.) නා. කුහර දෙකක් වෙන් කරන බෙදුම ; බල්බ ආචාරය.
සෙප්ටිසෙමීය
(පාරිභා.) වි. රුධිර නාලවලට බැක්ටීරියා ඇතුළු වී වර්ධනයවීම නිසා ඇතිවන්නා වූ උණ ගතියෙන් යුතු.
සෙප්පඩ විජ්ජාව
(කථා.) නා. රැවටිල්ල ; කපටිකම.
සෙප්පන්
(කථා.) නා.ප්‍ර. ප්‍රාණවත් බව ; යහපත් සෞඛ්‍ය තත්ත්වය.
සෙප්පුව
නා. කුඩා පෙට්ටිය ; හෙප්පුව.
සෙපිය
නා.ප්‍ර. සේවනය කටයුතු වූ ප්‍රියාව.
සෙබ
1. නා.ප්‍ර. සභාව ; සබය.
2. රියන් එකසිය හතළිහක දුර.
සෙබඩ
නා.ප්‍ර. මොනරාගේ ගැහැනු සතා ; මයුර ධේනුව.