සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1857
සෙබපති
නා.ප්‍ර. සභාපති.
සෙබර වට්ටම්
(කථා.) නා.ප්‍ර. ආඩම්බරකම ; උඩඟුකම.
සෙබවින
නි. සැබවින් ; ඇත්තෙන්.
සෙබළා
නා. යුද්ධ භටයා ; හේවායා.
සෙම
1. නා.ප්‍ර. ශරීරයේ පවත්නා දෝෂයක් සේ සැලකෙන බෙලසුල් ද්‍රව්‍යය ; ශ්ලේෂ්මය.
2. ක්ෂේමය ; මඞ්ගලය.
3. සිත්කලු දෙය ; මනබඳින දෙය.
සෙම අරිනවා
(කථා.) ක්‍රි. සෙම පිටකරනවා.
සෙම කිපෙනවා
(කථා.) ක්‍රි. සෙම අධික වෙනවා ; ශරීරයට අහිතකර අන්දමින් සෙම ඇවිස්සෙනවා.
සෙමනරිය
නා. ක්‍රිස්තියානි පූජකවරුන් පුහුණු කිරීමේ ආයතනය.
සෙමර
1. නා.ප්‍ර. දිග් ලොම් හා අලංකාර වලිගයක් ඇත්තා වූ ද, හිමාල ආදි වනයන්හි වෙසෙන්නා වූ ද මුව වර්ගයක්.
2. සෙමර මුවාගේ වල්ගයෙන් සාදන ලද චාමරය.
සෙමරි
නා.ප්‍ර. සෙමර මුව දෙන.
සෙම්කුළු
නා.ප්‍ර. මහාමේරු පර්වතය ; හෙම්කුළ.
සෙම්ගෙඩි
නා.ප්‍ර. දිව මුල, උගුරේ දෙපසේ වූ මස් රොදවල් ඉදිමීමෙන් හටගන්නා රෝගය ; ගලග්රන්ථි ඉදිමුම.
සෙම්ප්‍රතිශ්‍යාව
නා. සෙමෙහි සමභාවය නැති වීමෙන් උගුර හා නාසය ආශ්‍රිතව සෑදෙන රෝගය.
සෙම්බහන හඬ
නා. උගුර පාදන හඬ.
සෙම්බු මුට්ටිය
නා. වතුර බීමට පාවිච්චි කරන සෙම්බුවක හැඩයෙන් යුතු වූ මුට්ටිය ; මැටියෙන් සාදා ඇති කුඩා මුට්ටි විශේෂයක්.
සෙම්බුව
නා. මැටි, තඹ, පිත්තල, ඇලුමිනියම් ආදියෙන් තැනූ කුඩා කළය.
සෙම්බෝලය
නා. සෙම් රෝග විශේෂයක්.
සෙම්භික
වි. සෙම නිසා හටගත්.
සෙම්සිවිය
නා. ගර්භාෂයේ පිහිටි බෙලසුල් ද්‍රව්‍ය නිපදවන නල රාශියකින් යුක්ත වූ සිවියක්.
සෙම්හ
නා.ප්‍ර. ශ්ලේෂ්මය ; සෙම.
සෙම්හ සමුට්ඨාන
වි. සෙම නිසා උපන්.
සෙම්හජ
වි. සෙම නිසා හටගත්.
සෙමිටික්
නා.ප්‍ර. මැදපෙරදිගට අයත් නිරිත දිග ආසියාව සහ ඊසාන දිග අප්‍රිකාව නිජබිම වශයෙන් ගත් හීබ්රෑ, අරාබි ආදින්ගෙන් පැවත එන ජන වර්ග සහ ඔවුන්ගේ භාෂා.
සෙමිණි
නා.ප්‍ර. සුදු මැණික ; ශ්වේත මාණික්‍යය ; පළිඟු මැණික.
සෙමින්
1. ක්‍රි.වි. සාමයෙන් ; සාමදානයෙන්.
2. හෙමිහිට ; ඉක්මන් නොවී.
3. සන්සුන්ව ; නිසොල්මන්ව.