සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1858
සෙමෙ
නා.ප්‍ර. කාලය ; සමය.
සෙය
1. නා.ප්‍ර. සෙවණැල්ල ; සේයාව.
2. ආකාරය ; අන්දම.
3. ඒ දණ්ඩ ; සේතුව.
සෙය්යාව
1. නා. නින්ද ; නිදාගැනීම.
2. නිදාගන්නා ඇතිරිල්ල ; නිදාගැනීමට යොදා ගන්නා ආස්තරණය.
සෙය්යාවසථ
නා.ප්‍ර. නිදීමට අවශ්‍ය ඇඳන් ඇතිරිලි ආදිය.
සෙය්යාස
නා.ප්‍ර. නිදීමේ හෙවත් හා වැද හෝනා ඉරියවු.
සෙය්යාස්තරණ
[සෙය්යා + ආස්තරණ]
නා.ප්‍ර. නිදා ගැනීමට ගන්නා ඇතිරිලි.
සෙය්යාළු
[සෙය්යා + අළු]
නා.ප්‍ර. පත්ලට බැහැපු අළු ; තැන්පත් වූ අළු.
සෙය්යාළුගින්න
නා. බැහැපු අළුවල ඇති ගින්න ; උණු අළු.
සෙය්‍ය
1. වි. නිදීමෙන් වන ; සයනයෙන් වන.
2. උසස් ; උතුම්.
සෙය්‍ය සුඛ
නා.ප්‍ර. සයනයෙන් වන සුවය ; නිදි සුවය.
සෙය්‍යමානය
නා. අන්‍යයන්ට වඩා තමා උසස් යැයි ඇති කර ගන්නා මානය ; තමා ශ්‍රේෂ්ඨ යැයි සිතීමෙන් ඇති වන අහංකාරකම.
සෙය්‍යමානයා
නා. සෙය්‍ය මානයෙන් යුත් තැනැත්තා.
සෙයිදි
නා.ප්‍ර. තොරතුර.
සෙයින්
1. නා.ප්‍ර. චේතනාව ; සිතිවිල්ල.
2. වී වර්ගයක්.
සෙයිලංදිවන්
නා.ප්‍ර. පුරාණ අරාබි වෙළඳුන් ලංකාව හැඳින්වීමට භාවිත කළ නාමය ; සීහල දීපය.
සෙයිලන්
නා.ප්‍ර. දහනව වැනි සියවසට පෙර කල්හි යුරෝපීයයන් ලංකාවට ව්‍යවහාර කළ නාමය ; සීහල දීපය.
සෙයිලම
1. නා.ප්‍ර. ලංකාව.
2. නගරය.
සෙර
නා.ප්‍ර. හොරකම් කරන ස්ත්‍රිය ; හෙර.
සෙරබෙල්ලම්
නා.ප්‍ර. (අනුමස්තිෂ්කය) කුඩා මොළය.
සෙරැස්
නා.ප්‍ර. ලීවලින් සෑදූ ගෘහභාණ්ඩ විශේෂයක්.
සෙරිය
නා. සොරකම.
සෙරුසයිට්
(පාරිභා.) නා.ප්‍ර. ලෙඩ්කාබනේට්.
සෙරෙස්නගුල
නා. මී ගොන් ලවා උස් බිම් සෑමට ගැනෙන නගුල් විශේෂයක්.