සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1859

සෙරොප්තැල්මියාව

(පාරිභා.) නා. ආහාරයෙහි ඒ විටමිනය හීන වීම හේතු කොට ගෙන අක්ෂි පටලයේ දීප්තිය අඩුවීමේ රෝගය.

සෙල

1. නා. සෛලය ; සිලාව ; ගල ; ගල් පව්ව.
2. බෑවුම ; ප්‍රපාතය.
3. විදුලි කෝෂය.
4. ශාඛවල හා සතුන්ගේ ශරීර නිර්මිත වී තිබෙන ප්‍රාක්ප්ලාස්මයෙන් හා න්‍යෂ්ටියෙන් සමන්විත ඒකකය.

සෙලංගාව

නා. අගුවෙහි වහලෙන් දිය වැටෙන තැන.

සෙලකී

(පාරිභා.) නා.ප්‍ර. මෝරා අයත් වන මත්ස්‍ය කාණ්ඩය.

සෙලකීය රටාව

(පාරිභා.) නා. මෝරා අයත් වන සෙලකීය මත්ස්‍යයින්ගේ විශේෂත්වය.

සෙලග

[සෙල් + අග]
නා. පර්වතයේ අයින ; පර්වතාග්‍රය.

සෙලත්

[සෙල් + අත්]
වි. පර්වත කෙළවර වූ ; පර්වත ප්‍රපාතයක වූ.

සෙලදාගැබ

නා. ගලින් කළ දාගැබ ; ශෛල දාගැබ.

සෙලඹ

[සෙල් + අඹ]
නා.ප්‍ර. කඳුවල වැවෙන අඹ විශේෂයක්.

සෙලස්පොට

(පාරිභා.) නා.ප්‍ර. සම්මත ඉස්කුරුප්පු පොට.

සෙල්

1. නා.ප්‍ර. පාෂාණ.
2. රෙදි ; වස්ත්‍ර.
3. සිංහල ඡන්දසක නාමය.
4. බොල් ; රොඩු.

සෙල් පිළිම

නා.ප්‍ර. ගල් පිළිමය.

සෙල් පුවරු ලිපිය

නා. සෛලමය පුවරුවක සටහන් කළ ලිපිය ; ගල් පුවරුවක කෙටූ ලිපිය.

සෙල් ලිපිය

නා. ගලක කොටන ලද ලිපිය ; ශිලා ලේඛනය.

සෙල්ගාර

නා.ප්‍ර. හන නූල්.

සෙල්ටැඹ

නා.ප්‍ර. ගලින් සෑදූ කණුව ; ගල් කණුව.

සෙල්දෑ

නා.ප්‍ර. මැණික ; මාණික්‍යය.

සෙල්බිසි

නා.ප්‍ර. රෙදිවලින් කළ බිසි ; ඇතුළට රෙදි කැබලි දමා සෑදූ කොට්ට.

සෙල්මුවා

වි. ගලින් කළ ; ශෛලමය.

සෙල්රැස

(පාරිභා.) නා. එක සමාන හැඩ ඇති කෝෂ රාශියක් පෙළ ගැසී ඇති තැන.

සෙල්රැස ස්වසනය

නා. අම්ලකර වායුව රුධිරය සමග ශරීරයේ ගමන් කිරීමේ දී අම්ලකර පිට කර ඓන්ද්‍රීය ද්‍රව්‍ය කාබන්ඩයොක්සයිඩ් හා ජලය බවට හැරවීම.

සෙල්ලක්කාරයා

නා. සෙල්ලමටම ඇබ්බැහි වූ විනෝදකාමී තැනැත්තා.

සෙල්ලම

1. නා. ක්‍රීඩාව.
2. විනෝද ක්‍රියාව.

සෙල්ලම් පිටිය

නා. ක්‍රීඩා පිටිය ; සෙල්ලම් පිට්ටනිය.