සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1860
සෙල්වැටුම්
නා.ප්‍ර. ඔසොවන ලද අතින් ජටා, සළු ආදිය හිස වටා කරකැවීම ; පිළීහිස සිසෑරීම.
සෙල්වියන්
නා.ප්‍ර. රෙදිවලින් බඳින ලද වියන ; උඩුවියන.
සෙලාත
සෙලියුලෝස්
(පාරිභා.) නා.ප්‍ර. සියලුම ශාකවල ශෛල බිත්ති සෑදී තිබෙන කාබොහයිඩ්රේටය.
සෙලියුලෝස් නයිට්රේට්
නා.ප්‍ර. ප්ලාස්ටික් ද්‍රව්‍යයක්.
සෙලීනියම්
(පාරිභා.) නා.ප්‍ර. අලෝහ මූලද්‍රව්‍යයක්.
සෙලීනියම් කෝෂය
(පාරිභා.) නා. ආලෝකය සෙලීනියම් සන්නායකතාව කෙරෙහි ඇති බලපෑම මත පදනම් කළ ප්‍රකාශ විද්‍යුත් කෝෂයක්.
සෙලෙසත්
[සෙලෙස් + අත්]
නා.ප්‍ර. ශ්ලේෂාර්ථය ; එකම පදයෙන් කියවෙන අර්ථ දෙකෙන් ප්‍රකාශ වන අප්‍රධාන අර්ථය.
සෙලෙස්ටින්
(පාරිභා.) නා.ප්‍ර. ස්වාභාවික ස්ට්රොන්ටියම් සල්ෆේට්.
සෙලෙස්මාව
නා. ශ්ලේෂ්මය ; සෙම.
සෙලොපේන්
(පාරිභා.) නා.ප්‍ර. විනිවිද පෙනෙන කඩදාසි විශේෂයක නාමය.
සෙවටු
නා.ප්‍ර. සේවකයා ; මෙහෙකරුවා.
සෙවණ
1. නා.ප්‍ර. එළිය ඇවිරිම නිසා සිදුවන ආවරණය ; ඡායාව.
2. පිළිසරණ ; පිහිට.
සෙවණිය
1. නා. සෙවණ වැටී ඇති තැන.
2. වන ළැහැබ.
සෙවල
නා. තෙතමනය ආශ්රිත ව දිය, ගල් ආදිය මත පවතින කොළපාට මොළොක්, බෙලසුල්, ලිස්සන ගතියෙන් යුත් ද්‍රව්‍යය ; දිය සෙවෙල් ; ගල් සෙවෙල්.
සෙවළාව
නා. සුදු වලාකුළ ; ශ්වේත වලාහකය.
සෙව්වන්දි
1. නා.ප්‍ර. සුවඳවත් විවිධ පැහැයෙන් යුත් සිත්කලු රෝස වැනි පුෂ්ප විශේෂයක්.
2. මැණික් ගල් විශේෂයක්.
3. (පොළොවට ඇලී) ළං ළං ව තිබෙන පත්‍ර රාශිය.
සෙවැලි
නා.ප්‍ර. සුදු වැලි ; ශ්වේත වාලුකා.
සෙවි
1. නා.ප්‍ර. සේවිකාව ; ඇසුරු කරන්නිය.
2. කන් පලඳනාව ; කොඬොල.
සෙවින්න
නා. පියස්ස ; ඡදනය.
සෙවුනවා
1. ක්‍රි. සේවනය කරනවා ; ආශ්‍රය කරනවා.
2. නියැළෙනවා ; ආසක්ත වෙනවා.
3. පරිභෝග කරනවා ; අනුභව කරනවා.
4. පරිහරණය කරනවා ; පාවිච්චි කරනවා
5. පුරුදු පුහුණු කරනවා ; භාවිත කරනවා.
සෙවුම් පහන්
නා.ප්‍ර. සොයා බැලීම සඳහා උපයෝගී කර ගන්නා ලාම්පුව.
සෙවෙනි
වි. සිනිඳු ; මොළොක්.
සෙස්
1. නා.ප්‍ර. ශේෂය ; ඉතිරිය.
2. අන්‍යයා.
3. නිෂ්පාදනය හා ද්‍රව්‍ය වෙනුවෙන් රජය විසින් අය කරනු ලබන බදු මුදල් ; බද්ද.