අත
ata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උරහිස සිට ඇඟිලි කෙළවර දක්වා වූ ශරීරාවයවය.
2. නා. බඹයෙන් හතරෙන් කොටස; රියන; දෙවියත.
3. නා. අඟල් හතරක පළල; අත්ලෙහි පළල.
4. නා. හොඬවැල; ඇත්සොඬ.
5. නා. සිවුපාවුන්ගේ ඉදිරි ගාතය.
6. නා. පුටුවෙහි වාඩිවී අත තබා ගන්නා ඇන්ද; පුටු ඇන්ද.
7. නා. නඟුල්, යන්ත්‍ර ආදියෙහි මිට.
8. නා. ක්‍රීඩාවක දී ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩා පිලකට ලැබෙන වාරය.
9. නා. බුලත් කොළ හතළිහකින් සමන්විත මිටිය; බුලත් අත.
10. නා. කෙළවර; අග; අද්දර.
11. නා. පැත්ත; දිසාව.
12. නා. ඇතුළ; අභ්‍යන්තරය.
13. නා. තමා; ආත්මය.
14. නා. සිත; මනස; චිත්තය.
15. නා. ප්‍රයෝජනය; ශුභ සිද්ධිය; අභිවෘද්ධිය.
16. නා. ධනය; වස්තුව.
17. නා. තේරුම; අරුත.
18. නා. ඉර බැස යෑම; අස්තඞ්ගත වීම; අස්ත පර්වතය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සාත්තච්චගමනෙ, නිත්යගමනයෙහි; අතති, නිත්‍යයෙන් යෙයි. (පි. 42)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
1. n. arm
2. n. direction
3. n. hand
4. Art. handle
5. manus
6. n. paw
7. Civ. sense
8. Art. toat
9. n. trafficator
10. n. turn