සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 31
අඩ්ඪාළ්හක
පු. ආළ්හකයෙන් අර්ධය, දෙපත. (පි. 39)
අඩ්ඪුඩ්ඪ
ති. අර්ධයක් අඩු සතර, තුණහමාර. “අඩ්ඪුඩ්ඪානි පාටිහාරිය සහස්සානි දස්සෙත්වා”. (පි. 39)
අඩ්ඪුරක
න. උදරයෙහි රොමරාජිය තැබීම. (පි. 39)
අඩි
√ රු. අණ්ඩත්ථෙ, අණ්ඩසංඛ්යත ලිඞ්ගාර්ථයෙහි, අණ්ඩති, (පි. 39)
අණ
√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, අණති, ශබ්ද කරයි.
න. ඍණ, නය. (පි. 39)
අණ්ඩ
පු. න. අණ්ඩකොෂය, පක්ෂි ආදීන්ගේ බිජුවට, පුරුෂ නිමිත්ත, දිය පසුම්බිය. (පි. 39)
අණ්ඩක
පු. බිජුවටින් උපන් සත්වයා, පක්ෂියා, මත්ස්යයා. ති. රළු. (පි. 39)
අණ්ඩජ
පු. බිජුවටින් උපන්නහු, පක්ෂි සර්ප ආදීහු.
ති. බිජුවටින් උපදනා (සත්වයා.) (පි. 39)
අණ්ඩසම්භව
පු. අණ්ඩජයා. (පි. 39)
අණ්ඩුපක
න. දරණුව, සුඹුළුව. (පි. 39)
අණ්ණ
න. ජලය, දිය. (පි. 39)
අණ්ණව
පු. සමුද්රය, මුහුද, යටත්පිරිසෙයින් යොදුනක් ගැඹුර හා පළල ඇති ජලාශයද අණ්ණව යයි කියනු ලැබේ. (පි. 39)
අණ්ණවකුච්ඡි
ඉ. අණ්ණවකුක්ෂිය, සමුද්රය, මුහුද, “අණ්ණව කුච්ඡිං ඛොභයමානො බාලසුරියො විය.” (පි. 39)
අණිම
පු. ඍද්ධියෙන් ශරීරය කුඩා බවට පැමිණවීම. (පි. 39)
අණී(නී)ක
න. බලසෙනඟ, යුද්ධහමුදාව, ඇනිය. (පි. 39)
අණීකට්ඨ
පු. රජුන්ගේ ශරීරාරක්ෂක සමුදාව, රජුන්ගේ ආරක්ෂක හමුදාව. (පි. 39)
අණීකිනී
ඉ. සෙනාව, සෙනාභේදය. (පි. 39)
අණු
ති. ස්වල්පය. පු. පරමාණු. “පරමාණු” බලනු. (පි. 39)
අණුක
ති. ස්වල්පමාත්රය, ටිකදෙය, මදපමණ. (පි. 39)
අණුමත්ත
ති. ස්වල්පමාත්රය, ස්වල්පප්රමාණය, මදපමණ. (පි. 39)
අණුසහගත
ති. එකාබද්ධ, එකට බැඳී පවත්නා. (පි. 39)
අත
√ භු. සාත්තච්චගමනෙ, නිත්යගමනයෙහි; අතති, නිත්යයෙන් යෙයි. (පි. 42)
අතක්ක
ති. තර්කරහිත, තර්කණය කිරීම් නැති. (පි. 42)
අතක්කාවචර
ති. තර්කයෙන් බැසගත නොහැකි. (පි. 42)