සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 30
අට්ඨිකසඤ්ඤා
ඉ. ඇටසැකිල්ලය යන සංඥාව. (පි. 38)
අට්ඨිත
ති. (අ+ඨා √ භු. ගතිනිවුත්තියං = ගමන් වැළැක්මෙහි - ඉ+ත) නොසිටි. (පි. 38)
අට්ඨිමය
ති. ඇටමුවා, ඇටවලින් නිපදවන ලද, ඇටවලින් කළ. (පි. 38)
අට්ඨිමිඤ්ජ
න. ඇටමිදුලු, ඇටතුළ පවත්නා මොලය, (පි. 38)
අට්ඨිල්ල
න. වටකුරු කුඩාගල, වටකුරු බොරලුකැටය. (පි. 38)
අට්ඨිසඞ්ඝාට
පු. ඇට ගැළපීම, ඇටසැකිල්ල. (පි. 38)
අට්ඨිසඤ්චය
පු. ඇටරැස, ඇටගොඩ. (පි. 38)
අඩ්ඩ
√ භු. අභියොගයෙහි, මනා යෙදීමෙහි, අඩ්ඩති, උත්සාහ කෙරෙයි, මනාව යොදයි. (පි. 38)
අඩ්ඪ
ති. ආඪ්ය, උපභොග පරිභොග වස්තූන් ගෙන් සම්පූර්ණ, ධනවත්, පු. ඊශ්වරයා, ආඪ්යයා, කොටස, න. සමභාගය. (පි. 38)
අඩ්ඪක
පි - ආඪ්යයා, ඊශ්වරයා, මහත් සම්පත් ඇත්තා. (පි. 38)
අඩ්ඪකුසි
ඉ. සරස්නුවාව, සිවුරෙහි සරස් අතට ඇති නුවාපටිය. (පි. 38)
අඩ්ඪට්ඨ
න. අටෙන් අර්ධය, සතර, අඩකින් අට පිරෙණ ගණන, හතහමාර. (පි. 38)
අඩ්ඪතිය
ති. අර්ධයක් අඩුතුණ, දෙකහමාර. “අඩ්ඪතියසික්ඛාපද සතානි” (පි. 38)
අඩ්ඪතෙය්ය
ති. අර්ධයක් අඩුතුණ, දෙකහමාර. “අඩ්ඪතියසික්ඛාපද සතානි” (පි. 38)
අඩ්ඪතෙය්යහත්ථ
න. දෙරියන් වියත. (පි. 38)
අඩ්ඪතෙළස
ති. අර්ධයක් සහිත තෙළෙස, අඩතෙළෙස, දොළහමාර. (පි. 38)
අඩ්ඪදණ්ඩ(ක)
පු. දෙරියන් පමණ වූ මුගුර. “අඩ්ඪදණ්ඩකෙහිපි තාළෙන්ති” (පි. 39)
අඩ්ඪමාස
පු. අර්ධමාසය, දින පසළොස. (පි. 39)
අඩ්ඪමාසක
න. අර්ධමාසකය, මාසක භාගය. ‘මාසක’ බලනු. (පි. 39)
අඩ්ඪමාසික
ති. අඩමසකට සෑහෙන, අඩමසකට අයත්. (පි. 39)
අඩ්ඪමුණ්ඩක
පු. හිස අඩක් මුඩු තැනැත්තේ. ති. අඩක්මුඩු, පැත්තක ඉසකෙස් කැපීම ඇති. (පි. 39)
අඩ්ඪයොජන
න. අඩයොදුන, යොදුනෙන් බාගය, දෙගව්ව. (පි. 39)
අඩ්ඪරත්ත
පු. අර්ධරාත්රිය, මධ්යම රාත්රියෙන් කොටසක්. (පි. 39)
අඩ්ඪරත්ති
ඉ. අධර්ධරාත්රිය, මධ්යමරාත්රිය. (පි. 39)