සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 32
අතක්කික
ති. තර්කණය නොකරන, තාර්කික නොවන. (පි. 42)
අතක්කීත
ති. තර්කණය නොකළ, තර්කණ රහිත ව. පැවති. (පි. 42)
අතග්ගුණසංවිඤ්ඤාණ
පු. බහුව්රීහි සමාසයෙහි විශේෂණවූ අර්ථය අන්ය පදාර්ථ ග්රහණයෙන් නොගන්නා ලැබේ නම් එයයි. (පි. 42)
අතච්ඡ
ති. අසත්ය, බොරු. (පි. 42)
අතන්තතා
ඉ(න=අ+තන්ත) අප්රධාන භාවය. (පි. 42)
අතන්දි
ති. (අ+තන්දි) අකුසීත, තෙමරි නැති. (පි. 42)
අතප්ප
න. බ්රහ්මලෝක 16න් 13 වැන්න අතප්පයි. තැවීමක් නැති නිසා අතප්ප යයිද කියති. මහා කල්ප 2000 ක් මෙහි ආයුෂ වෙයි. (පි. 42)
අතප්පිය
ති. තෘප්තියට නොපැමිණවිය හැකි, තෘප්තිරහිත. (පි. 43)
අතම්මය
පු. තෘෂ්ණාදෘෂ්ටිමානරහිත, තණ්හා දිට්ඨිමානයෝ තම්මය නම් වෙත්. ඔවුන්ගේ අභාවය අතම්මය නම් වේ. (පි. 43)
අතරමාන
ති. ඉක්මන් නොවන, කඩිසර නොවන. ‘තරමාන’ බලනු. (පි. 43)
අතරි
ක්රි. (අ+තර √ භු. තරණෙ, එතර වීමෙහි +ඊ) එතෙර වූයේය පීනුයේය (පි. 43)
අතලම්පස්ස
ති. පතුල නොදතහැකි ගැඹුරු, ඉතාගැඹුරු. (පි. 43)
අත්ත
පු. විඤ්ඤාණය, සිත. ශරීරය. ස්වභාවය. පරකල්පිත ආත්මය. පරමාත්මය. (පි. 39)
අත්තකත
ති. තමා විසින් කළ, තමා විසින් උපදවන ලද. (පි. 39)
අත්තකාම
පු. තමාට වැඩ කැමැති තැනැත්තා. (පි. 39)
අත්තකාර
පු. අහඞ්කාරය. (පි. 39)
අත්තකිලමථ
පු. ආත්මක්ලමථය, තමාගේ ශරීරයට වෙහෙස දීම. (පි. 39)
අත්තකිලමථානුයොග
පු. ශරීරය ක්ලාන්ත කිරීමෙහි යෙදීම, ශරීරයට දුක් දීමේ යෙදීම, පුරාණ කාශ්යපාදී තීර්ථකයන් විසින් කෙලෙස් තැවීමේ උපායයි ලොව ප්රකට කළ තමාට පීඩා පමුණුවන තවුස් දම්හි යෙදීම්, අත්තකිලමථානුයොගය හා කාමසුඛල්ලිකානුයොගයත් අත්හලයුතු අන්ත දෙකකැයි බුදුහු වදාළ සේක. (පි. 39)
අත්තගුත්ත
ති. තමා පිණිස රැකගන්නාලද. (පි. 39)
අත්තගුත්තා
ඉ. වඳුරු මෑ. (පි. 39)
අත්තගුත්ති
ඉ. ආත්මගොපනය, තමා රැක ගැනීම. (පි. 40)
අත්තඝඤ්ඤ
ති. ආත්මවධය, තමා නැසීම. (පි. 40)
අත්තඝොස
පු. තමාගේ නාමය ඝොෂා කරන්නා, තමාගේ නම කියා ගන්නා, කොහා, කවුඩා. (පි. 40)
අත්තජ
පු. තමාගෙන් උපන් දරුවා, තමාට දා දරුවා. (පි. 40)