සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 33

අත්තඤ්ඤූ

පු. තමන් දන්නා තැනැත්තා, තමාගේ තත්ත්වය දත් තැනැත්තා. (පි. 40)

අත්තත්ථ

පු. (අත්ත+ත්ථ) ආත්මාර්ථය, දිට්ඨ ධම්මික - සම්පරායික - ලෞකික ලොකොත්තර වූ තමා පිළිබඳ ව. පවත්නා අර්ථය. (පි. 40)

අත්තදණ්ඩ

පු. තමාට දඬුවම් දීම, තම ශරීරයට දුක් දීම. (පි. 40)

අත්තදන්ත

පු. ආත්මදමනය කළ තැනැත්තා. (පි. 40)

අත්තදිට්ඨි

ඉ. ආත්මදෘෂ්ටිය, සක්කායදිට්ඨිය. (පි. 40)

අත්තදීප

පු. තමාගේ ප්‍රතිෂ්ඨාව. ති. තමාම පිහිටකොට ඇති. (පි. 40)

අත්තන්තප

පු. තමා තැවීම කරන්නේ, අත්මක්ලමථය කරන්නේ. (පි. 40)

අත්තනිය

ති. තමා අයත්, ස්වකීය, තමා සතු. (පි. 40)

අත්තනොපද

න. වත්තමානාදි අට්ඨ විභක්තීන්ගේ පරව ඇති පද සය ස්වකීය ප්‍රයොජනය සඳහා වූ පද අත්තනො පද නමි. මේ වෛයාකරණයන්ගේ ව්‍යවහාරයකි. (පි. 40)

අත්තපටිලාභ

පු. ආත්මභාව ප්‍රතිලාභය, උත්පත්තිය ලැබීම. (පි. 40)

අත්තපරිත්ත

න. ආත්මාරක්ෂාව, තමා රැකීම. (පි. 40)

අත්තපරිතාපන

න. ආත්මක්ලමථානුයොගය, තමා තැවීම. (පි. 40)

අත්තපරිභව

පු. තමාට ලැබෙන පරිභවය. (පි. 40)

අත්තභාව

පු. ආත්මභාවය, උත්පත්තිය, ශරීරය. (පි. 40)

අත්තභු

පු. බ්‍රහ්මයා. මහාබ්‍රහ්මයා. (පි. 40)

අත්තමන

ති. සතුටුසිත් ඇති, ප්‍රසන්නසිත් ඇති. (පි. 40)

අත්තමනතා

ඉ. ප්‍රසන්නසිත් ඇතිබව, සතුටුසිත් ඇතිබව. (පි. 40)

අත්තමාන

පු. “මම මෙබඳු කෙනෙක්මි”යි තමා කෙරෙහි පවත්නා මානය. (පි. 40)

අත්තවධ

පු. ආත්මවධය, ශරීරයට හෝ තමාට ලැබෙන වධය. (පි. 40)

අත්තව්‍යාබාධ

පු. ශරීරපීඩාව. තමාට ලැබෙන පීඩාව. (පි. 40)

අත්තවාද

පු. ආත්මවාදය, ආත්මදෘෂ්ටිය, සක්කායදිට්ඨිය. (පි. 40)

අත්තවෙතනහත

පු. තමාගේම මහන්සියෙන් ජීවත් වන තැනැත්තා. (පි. 40)

අත්තසම්භව

ති. තමාගෙන් උපන්, තමාගෙන් හටගත්. පු. ආත්මභාවලාභය. (පි. 40)

අත්තසම්භූත

ති. තමාගෙන් උපන්. (පි. 40)