සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 34

අත්තසරණ

න. තමාගේ හෝ තමාට පිහිට කොට ඇති. (පි. 40)

අත්තහිත

ති. තමාට වැඩ කැමති, තමාගේ අභිවෘද්ධිය කැමති. (පි. 40)

අත්තාධිප

පු. තමාම අධිපති කොට පවත්වන තැනැත්තා. (පි. 40)

අත්තාධිපක

පු. තමා අධිපති කොට පවත්නා බව, පු. තමාගේ ගුණය අධිපති කොට (ප්‍රධාන කොට) ගෙන දුසිරිතෙන් මිදී සුසිරිතෙහි යෙදී වාසය කරන තැනැත්තා. (පි. 40)

අත්තාධීන

ති. තමාට අයිති, තමා පිළිබඳ. (පි. 40)

අත්තානත්ථ

පු. (අත්ත+අනත්ථ) ආත්මානර්ථය, තමහට අවැඩ. (පි. 40)

අත්තානුදිට්ඨි

ඉ. ආත්මදෘෂ්ටිය, සක්කායදිට්ඨිය. (පි. 40)

අත්තානුයොග

පු. තමා යෙදීම, තමා ක්‍රියාවක යෙදවීම. (පි. 40)

අත්තානුවාද

පු. තමාට අපවාද කීම, තමාට දොස් පහළ කිරීම. (පි. 40)

අත්තානුවාදභය

න. තමාට අන්‍යයාගෙන් ලැබෙන ගැරහීම් ආදියට බිය වීම. (පි. 40)

අත්තිච්ඡත්ථ

පු. තමන් පිණිස යමක් කැමති වීම. (පි. 40)

අත්තිලිඞ්ග

ති. (නත්ථි ලිඞ්ගං = අත්තිලිඞ්ගං) පුල්ලිඞ්ග ස්ත්‍රී ලිඞ්ගාදි ව්‍යවහාරයක් නැති දෙය, ආඛ්‍යාතය. (පි. 41)

අත්තුක්කංසන

න. බහුශ්‍රැත බවක් හෝ සමාදන්වූ ධුතඞ්ගාදි ගුණයක් නිසා මා වැනි කවරෙක් ඇද්දැයි තමා උසස් කොට ගැනීම.
න. (අත්ත+උ+කංසන) තමා උසස් කිරීම. (පි. 46)

අත්තුද්දෙස

ති. තමා උදෙසා පැවති, තමා නිසා පවත්නා. (පි. 41)

අත්තූපනායික

පු. (අත්ත+උප+නායික) තමාවෙත එළවන ලද, තමා වෙත පමුණුවන ලද. (පි. 41)

අත්තොසා

ඉ. ඔසප් වූ ස්ත්‍රී, මල්වර වූ තැනැත්තී. (පි. 41)

අත්ථ

√ චු. යාචනෙ, ඉල්ලීමෙහි. අත්ථෙති, අත්ථයති, ඉල්වයි.
අ. මෙහි.
පු. ප්‍රයෝජනය, ශබ්දාර්ථය, අභිවෘද්ධිය, ධනය, ද්‍රව්‍යය, ගුණය. කර්‍මාදීපදාර්ථ, කරුණු, විනාශ, පථ්‍ය, අවරපර්‍වතය යනාදියෙහි. න. අස්තයට යාම. (පි. 41)

අත්ථං

අ. විනාශය, නැසීම. (පි. 41)

අත්ථංගම

පු. අස්තයට යාම. ඉරහඳ බැහීම. (පි. 41)

අත්ථකථා

ඉ. අටුවාව, පදාර්‍ථවර්‍ණනාව. (පි. 41)

අත්ථකර

පු. වැඩකරු, හිතවත් තැනැත්තා, යහපත කරන්නා. (පි. 41)

අත්ථකරණ

ති. වැඩ කරන, අභිවෘද්ධිය සිදුකරන. (පි. 41)

අත්ථකාම

ති. වැඩ කැමැති, හිතකැමැති. (පි. 41)

අත්ථකුසල

ති. අර්ථයෙහි දක්ෂ, වැඩෙහි දක්ෂ. (පි. 41)