සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 35

අත්ථඛ්‍යත්ති

ඉ. අර්ථයාගේ පැහැදිලි බව. (පි. 41)

අත්ථගම

පු. අස්තයට යාම, ඉරහ බැස යාම. විනාශය. (පි. 41)

අත්ථගමන

න. අස්තයට යාම, විනාශයට යාම. (පි. 41)

අත්ථග්ගහණ

න. සූත්‍රයන්හි අත්ථ ශබ්දයාගේ ගැනීම. (පි. 41)

අත්ථඝාත

ති. සිය පණ නැසීම, තමා මැරීම. (පි. 41)

අත්ථචර

පු. අභිවෘද්ධියෙහි හැසිරෙණ තැනැත්තා. (පි. 41)

අත්ථචරියා

ඉ. යහපතෙහි හැසිරීම. (පි. 41)

අත්ථජ්ජොතක

පු. අර්ථය බබුලුවන්නා. (පි. 41)

අත්ථඤ්ඤූ

පු. අර්ථය දත් තැනැත්තා. (පි. 41)

අත්ථත

ති. අතුළ, අතුරණලද. (පි. 41)

අත්ථත්ථනය

පු. නිද්දෙස වශයෙන් දක්වන ලද අර්‍ථයෙහි විස්තර ප්‍රතිනිදේශ වශයෙන් දැක්වීමේ ක්‍රමය. (පි. 41)

අත්ථදස

පු. හිත අනුව බලන්නා, වැඩක් දන්නා තැනැත්තා. (පි. 41)

අත්ථදස්සි

පු. අර්ථය දක්නා සුලු තැනැත්තා. (පි. 41)

අත්ථධම්ම

පු. අර්ථය හා ධර්මය. (පි. 41)

අත්ථනය

පු. අර්‍ථ වශයෙන් ශබ්දයන් දැනගැනීම හා ප්‍රත්‍යක්ෂ, අවකල්පන, අනුමාන වශයෙන් අර්ථය දැන ගැනීමේ ක්‍රමය-රීතිය-නියමය. (පි. 41)

අත්ථන්තර

න. අර්ථන්තරය, අනික් තේරුම. (පි. 41)

අත්ථන්තරවිඤ්ඤාපන

න. වෙන අර්ථයක් ඇඟවීම. (පි. 41)

අත්ථනා

ඉ. යාච්ඤාව, ඉල්ලීම. (පි. 41)

අත්ථපටිසංවෙදී

පු. අර්ථය දන්නා සුලු තැනැත්තා. (පි. 41)

අත්ථපටිසම්භිදා

ඉ. අර්ථාවබෝධය, අර්ථයෙහි ඥානය. (පි. 41)

අත්ථපද

න. අර්ථ හා පද. අර්ථය පිළිබඳ ෂඩ්විධ පද. සඞ්කාසනා, පකාසනා, විවරණා, විභජනා, උත්තානීකම්ම, පඤ්ඤත්ති යන සය. (පි. 41)

අත්ථපදත්ථකනය

පු. ඉති ශබ්දය හා නොයෙදී තනිව යෙදෙන අර්ථාවබොධක පද ක්‍රමය. (පි. 41)

අත්ථපූරණ

න. අත්ථි, සක්කා, අඤ්ඤදත්ථු, එව ආදී අර්ථ පූරණය සඳහා යෙදෙන නිපාත. (පි. 41)

අත්ථභඤ්ජන

න. අර්ථය නැසීම, වැඩ නැසීම, අභිවෘද්ධිවිනාශය. (පි. 41)