සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 36

අත්ථමත්ත

න. පුරිසආත්ම ආදී වූ ලිඞ්ගයා ගේ අභිධෙය්‍ය මාත්‍රය.
න. පුරුෂ, රක්ඛ ආදි ලිඞ්ග අභිධෙය මාත්‍රය. (පි. 42)

අත්ථමිත

ති. අස්තයට පැමිණි, අවරගිරට ගිය. (පි. 42)

අත්ථරක

පු. ඇතිරීම කරන්නා. (පි. 42)

අත්ථරණ

න. ඇතිරීම, ඇතිරිල්ල, ඇතුන් පිට අතුරණ චිත්‍ර කම්බිලිය. (පි. 42)

අත්ථරති

ක්‍රි. (අ+ථර √ භු. +ති) අතුරයි, ඇතිරිලි එළයි. (පි. 42)

අත්ථරස

පු. අර්ථ රසය, අර්ථය දැනගැනීමෙන් ඇතිවන ප්‍රීතිරසය. සෝවාන් ආදි සතරමගපල ලැබීමෙන් ඇතිවන රසය. (පි. 42)

අත්ථවසික

ති. අර්ථයට වසඟ, කාරණයෙහි ඇලුණු. (පි. 42)

අත්ථවාදී

පු. අර්ථවාදියා, අර්ථය කියන සුලු තැනැත්තා. (පි. 42)

අත්ථසංවණ්ණනා

ඉ. අර්ථවර්‍ණණනාව අර්ථ කථාව, අටුවාව. (පි. 42)

අත්ථසංහිත

ති. අර්ථයෙන් යුක්ත, අර්ථය හා යෙදී පවත්නා. (පි. 42)

අත්ථසත්ථ

පු. අර්ථශාස්ත්‍රය, ධන ඉපයීම පිළිබඳ ශාස්ත්‍රය. (පි. 42)

අත්ථසන්දස්සන

න. අර්ථ දැක්වීම, අර්ථය ප්‍රකාශ කර දීම. (පි. 42)

අත්ථසන්ධි

පු. ක්‍රියා කාරක ආදිවශයෙන් අර්ථයා ගේ සංඛ්‍යාතය. (පි. 41)

අත්ථසම්පච්චය

පු. අර්ථය හොඳ හැටි තේරුම් ගැනීම. (පි. 42)

අත්ථසිද්ධි

ඉ. අර්ථසිද්ධිය. මනොරථ සිද්ධිය. අදහස් සම්පූර්‍ණ වීම. (පි. 42)

අත්ථසො

අ. අර්ථ වශයෙන්, කරුණු වශයෙන්, හේතු වශයෙන්. (පි. 42)

අත්ථ්‍යත්ථතද්ධිත

න. අසත්‍යර්‍ථ ප්‍රත්‍යයන් ගේ තද්ධිතය. (පි. 41)

අත්ථානතිදෙස

පු. අර්ථය නොකියා හැරීම. (පි. 42)

අත්ථාභිසමය

පු. අර්ථාවබෝධය. අර්ථඥානය. (පි. 42)

අත්ථාර

පු. ඇතිරීම, පතුරුවා හැරීම, දිග හැරීම. (පි. 42)

අත්ථාලඞ්කාර

පු. එනම් අලඞ්කාරය. (පි. 42)

අත්ථි

අ. ඇත, ඇත්තේය, විද්‍යමානභාවයෙහි.
පු. යාචකයා. ති. ඉල්වන. (පි. 42)

අත්ථික

පු. යාචකයා. ති. අර්ථ ඇති, පල ඇති, ප්‍රයොජන ඇති. (පි. 42)

අත්ථිතා

ඉ. විද්‍යමානභාවය, ඇතිබව. (පි. 42)