සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 37

අත්ථිභාව

පු. විද්‍යමානභාවය, ඇතිබව. (පි. 42)

අත්ථිය

පු. ‘අත්ථික’ බලනු. (පි. 42)

අත්ථු

ක්‍රි. (අස √ භු. භුවි, වීමෙහි +ත්ථු. ධාත්වන්තයට ලෝපයි.) වේවා, සිදු වේවා.
ආ-ඊර්‍ෂ්‍යාපූර්‍වක උපගමනයෙහි. (පි. 42)

අත්ථුද්ධාර

පු. අර්ථොද්ධාරය, අර්ථ උපුටා ගැන්ම. (පි. 42)

අත්ථුප්පත්ති

ඉ. අර්ථොත්පත්තිය, කාරණයක් ඇති වීම. (පි. 42)

අත්ථූපපරික්ඛා

ඉ. අර්ථ පරීක්ෂා කිරීම. (පි. 42)

අත්ථූපසංහිත

ති. අර්ථයෙන් යුක්ත, අර්ථවත්. (පි. 42)

අත්‍ර

අ. මෙහි යන අර්ථයෙහි. (පි. 42)

අත්‍රජ

පු. තමාට දා ව. උපන් තැනැත්තා, දරුවා. (පි. 42)

අත්‍රිච්ඡ

ති. අධික ආශා ඇති. (පි. 42)

අත්‍රිච්ඡතා

ඉ. අධිකආශා ඇතිබව, බලවත් ආශා ඇතිබව. (පි. 42)

අත්‍රිච්ඡා

ඉ. අධිකාශාව, බලවත් තෘෂ්ණාව. (පි. 42)

අතාණ

ති. රක්ෂාස්ථානයක් නැති, ආරක්ෂා නැති. (පි. 43)

අතාරණ

න. තරණය නොකිරීම, එගොඩ නොවීම, එතර නොවීම. (පි. 43)

අතාරි

ක්‍රි. ‘අතරි’ බලනු. (පි. 43)

අති

√ භු. බන්ධනෙ, බැඳීමෙහි. අන්තති, බඳියි.
අ. අතිශය, අන්තර්‍භාව, භෘශාර්ථ, පූජා, අතික්‍රමණ, අතීතත්ව, ප්‍රශංසා, දෘඪ යනාදියෙහි. (පි. 43)

අතිඉස්සර

පු. අධිකෙශ්වරයා, ඉතා ඉසුරු ඇත්තා. (පි. 43)

අතිඋස්සුර

පු. ඉර ඉතා ඉහලට නැගි උදය කාලය. (පි. 43)

අතිකඩ්ඪති

ක්‍රි. (අති+කඩ්ඪ. √ භු. කඩ්ඪනෙ, ඇදීමෙහි +ති) ඉතා තදින් අදියි. වේගයෙන් අදියි පස්සට අදියි. (පි. 43)

අතිකත

ති. අධික ව. කළ, කළ උපකාරයට වැඩියක් කළ. (පි. 43)

අතිකස්සන

න. ඉතා ඇදීම, නොනවත්වා ඇදීම, ඇදගෙනයාම. (පි. 43)

අතික්කන්න

ති. ඉක්මවනලද, පහව ගිය. ඉක්මවූ. (පි. 43)

අතික්කම

පු. අතික්‍රමය, ඉක්මවා යාම. (පි. 43)

අතික්කමණ

න. ඉක්මවීම. ඉක්මවා යාම. (පි. 43)