සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 38

අතික්කමති

ක්‍රි. (අති+කමු. √ භු. පද-වික්ඛෙපෙ, පය නගා යාමෙහි +ති) ඉක්මවයි, පසුකර යෙයි. (පි. 43)

අතික්කමි

ක්‍රි. (අති+කමු. √ +ඊත ඊහට හ්‍රස්ව යි.) ඉක්මවූයේය ඉක්ම ගියේය. (පි. 43)

අතික්කමිතුං

අ. ඉක්මවන්ට, වෙනස් කරන්ට, කඩ කරන්ට. (පි. 43)

අතික්ඛණ

න. (අති+ඛණ) ඉතා සැරීම. ‍වේලාව ඉක්මවීම. (පි. 43)

අතිකාල

ති. ඉතාකලු, අධිකකලුපැහැය ඇති. ඉතාකල්ඇතිව, වේලාසන. (පි. 43)

අතිඛාත

ති. ඉතා සාරණලද. (පි. 43)

අතිඛිණ

ති. (අ+තිඛිණ) අකර්‍කශ, තියුණු නොවන. (පි. 43)

අතිඛිප්පං

අ. (අති+ඛිප්පං) වහා, ඉතා ඉක්මනට. (පි. 43)

අතිග

ති. ඉක්ම ගිය, ඉවත්ව ගිය. (පි. 43)

අතිගච්ඡති

ක්‍රි. (අති+ගමු. √ =ච්ඡ+ති) ඉක්මවා යෙයි. (පි. 43)

අතිගාළ්හ

ති. ඉතා දැඩි, ඉතා තද, ඉතා සැර. (පි. 43)

අතිඝොර

ති. ඉතා රළු, ඉතා කුරිරු, ඉතා නපුරු. (පි. 43)

අතිචරණ

න. ඉක්මවා හැසිරිම, සීමා ඉක්මවා හැසිරීම, ස්වකීය ස්ත්‍රීපුරුෂයන් ඉක්මවා හැසිරීම, නොසිරිතෙහි යෙදීම, අනාචාරයෙහි හැසිරීම. (පි. 43)

අතිචරති

ක්‍රි. ඉක්මවා හැසිරෙයි. කාමයෙහි වරදවා හැසිරෙයි. (පි. 43)

අතිචරියා

ඉ. ඉක්මවා හැසිරීම. (පි. 43)

අතිච්ච

අ. ඉක්මවා, අතික්‍රාන්ත කොට. (පි. 43)

අතිච්ඡ(ත්ත)ත්‍ර

න. මහකුඩය, මහහිරවරණය. (පි. 43)

අතිච්ඡති

ක්‍රි. (අති+ච්ඡ. √ භු. ඉච්ඡායං, කැමැත්තෙහි +ති) ඉක්ම කැමති වෙයි. වෙන් ව. යෙයි. (පි. 43)

අතිචාර

පු. අතිචරණය, ඉක්ම පැවැත්ම. වරදවා හැසිරීම. (පි. 43)

අතිචාරිණි

ඉ. සියහිමියා ඉක්මවා හැසිරෙන්නී, සොරහිමියන් සොයන්නී. (පි. 43)

අතිචිරං

අ. ඉතා බොහෝකාලය, ඉතා දීර්ඝ කාලය. (පි. 43)

අතිජහතී

ඉ. එනම් ඡන්දස, පාදයෙක්හි අකුරු තෙළෙසෙක් ඇති ඡන්දස. (පි. 44)

අතිජාත

ති. පියාට වඩා අධිකගුණයෙන් යුක්ත ව. උපන්. (පි. 44)

අතිතණ්හ

ති. අධිකතෘෂ්ණා ඇති, එක අරමුණක නොයෙක්වර අධික ආසා උපදවන. (පි. 44)