සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 39

අතිතරති

ක්‍රි. (අති+තර √ භු. තරණෙ. එතෙර වීමෙහි +ති) පසු කර යයි. එගොඩ යයි. (පි. 44)

අතිත්ත

ති. තෘප්තියට නොපැමිණි, තික්ත නොවන. (පි. 44)

අතිත්ථ

න. (න=අ+තිත්ථ) නොතොට, වැරදි තීර්ථය. (පි. 44)

අතිතුච්ඡ

ති. ඉතානින්දිත, ඉතාහිස්. (පි. 44)

අතිතුට්ඨි

ඉ. මහත්සන්තෝෂය, ඉතා සතුට. (පි. 44)

අතිථි

පු. ආගන්තුගයා, අමුත්තා. (පි. 44)

අතිදා

න. මහාදානය. අධික කොට දීම. (පි. 44)

අතිදාරුණ

ති. ඉතා දරුණු, ඉතා කුරිරු. (පි. 44)

අතිදිට්ඨි

ඉ. මිථ්‍යාදෘෂ්ටිය. (පි. 44)

අතිදිවා

අ. ඉතා දාවල. (පි. 44)

අතිදිසති

ක්‍රි. (අති+දිස+ති) බොහෝ විස්තර දක්වයි. එවැනි කොට දක්වයි. (පි. 44)

අතිදුක්ඛ

න. ඉතාදුක, මහදුක. (පි. 44)

අතිදූරෙ

ති. ඉතාදුර. (පි. 44)

අතිදෙව

පු. දෙවාතිදෙව, දෙවියන්ට දෙවි වූ තැනැත්තා. දෙවෙන්ද්‍රයා. සර්‍වඥයන්වහන්සේ. (පි. 44)

අතිදෙස

පු. (අති+දිස-උච්චාරණේ)කියාලීම කියාපෑම. ව්‍යපදෙශාතිදෙශ, නිමිත්තාදි දෙශ, තද්රූපාතිදෙශ, තත්ස්වභාවාතිදෙශ, සූත්‍රාතිදෙශ, කාර්‍ය්‍යාතිදෙශ යයි අතිදෙසය සවැදැම්වේ. (පි. 44)

අතිධාවන

න. ඉක්මවා දිවීම, සීමා ඉක්මවා යාම, කරුණ ඉක්මවා යාම. (පි. 44)

අතිධිති

පු. අකුරු දහනවයකින් යුත් ඡන්දස, අතිධෘති නම් ඡන්දස. (පි. 44)

අතිධොන

න. ඉක්මවා දිවීම, සීමා ඉක්මවා යාම, කරුණ ඉක්මවා යාම. (පි. 44)

අතිධොනචාරී

ති. පු. සිවුපසය පස්විකා වළඳන, නුවණ ඉක්ම හැසිරෙණ. (පි. 44)

අතිධොවන

න. ඉතා සේදීම. (පි. 44)

අතිනාමෙති

ක්‍රි. (අති+නමු √ භු. නමනෙ, නැමීමෙහි +ති) කල් ගත කරයි. (පි. 44)

අතිනීච

පු. ඉතා නීච, ඉතා පහත්, ඉතා මිටි. (පි. 44)

අතිනෙති

ක්‍රි. (අති+නී √ චු. නයෙ, පැමිණ වීමෙහි +ති) ගෙන එයි, සපයයි. (පි. 44)

අතිපත්ති

පු. (අති+පති ගමනෙ) සළ පැනීම. (පි. 44)