සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 40
අතිපරිච්චාග
පු. අධික කොට දීම, මහාදානය. (පි. 44)
අතිපස්සති
ක්රි. (අති+දිස √ භු=පස්ස+ති) සොයා බලයි, පරීක්ෂා කරයි. (පි. 44)
අතිප්පගො
අ. වැඩි කාලය, අධිකකාලය, ඉතා වේලාසන. (පි. 44)
අතිප්පඤ්ච
පු. අධිකප්රමාදය. බොහෝ පමාවීම. අධික විස්තරය. (පි. 44)
අතිප්පදාන
න. ඉතා දීම, බොහෝකොට දීම. (පි. 44)
අතිප්පසඞ්ග
පු. කාර්ය්යකගේ වැඩිපුර පැනීම. (පි. 44)
අතිප්පසත්ථ
ති. අතිප්රශස්ත, බොහෝ කොට පසසනලද. (පි. 44)
අතිපාත
පු. හෙලීම, අතික්රමය, ඉක්ම යාම. (පි. 44)
අතිපාතෙති
ක්රි. (අති+පත √ චු. ගමනෙ, යාමෙහි +ණෙ+ති) හෙලියි, නසයි, වනසයි. (පි. 44)
අතිපිඞ්ගලක්ඛි
ති. බළල් ඇස් ඇති. (පි. 44)
අතිබහල
ති. ඉතා ඝන, බොහෝ ගනකම ඇති. (පි. 44)
අතිබ්යත්ති
පු. (අති+වි+අප පාපුණනෙ) ප්රමාණය ඉක්මවා පැතිරී යාම). (පි. 44)
අතිබ්යාප්තදොස
පු. වාක්යයෙක්හි අදහස් කළ කාර්ය්යය ඉක්මවා පැවැති දෝෂය. (පි. 44)
අතිබ්රහ්ම
පු. බ්රහ්මයාටත් වඩා ශ්රේෂ්ඨයා. බුදුරජ. (පි. 44)
අතිබ්ර්ෑහෙති
ක්රි. (අති+බ්රෑහ √ භු. වඩ්ඪනෙ, වැඩීමෙහි +ණෙ+ති) අධික කොට වඩයි. මහානාද කරයි. (පි. 45)
අතිබාධෙති
ක්රි. (අති+බාධ √ භු. බාධායං-පෙළීමෙහි +ණෙ+ති) අධික කොට පෙළයි. (පි. 44)
අතිබාහෙති
ක්රි. (අති+වහ+ණෙ+ති) ඉක්මවයි. දුරට එළවයි. (පි. 44)
අතිබාළ්හ
ති. ඉතා දැඩි, ඉතා මහත්. (පි. 44)
අතිභාර
පු. ඉතාබර, අධිකබර. (පි. 45)
අතිභාරිය
ති. ඉතා බර ඇති, ඉතා බරපතළ වූ. නපුරු. (පි. 45)
අතිභුඤ්ජති
ක්රි. (අති+භුජ √ රු. භොජනෙ, අනුභවයෙහි +ති) බොහෝ කොට බුදියි. අධික කොට අනුභව කරයි. (පි. 45)
අතිභුත්ත
ති. බොහෝ අනුභව කළ. (පි. 45)
අතිභොති
ක්රි. (අති+භු √ භු. සත්තායං, වීමෙහි +ති) අභිභවනය කරයි, ජය ගනියි. රවටයි. (පි. 45)
අතිමඤ්ඤති
ක්රි. (අති+මන √ දි. ඤාණෙ, දැනීමෙහි +ති) ඉක්මවා සිතයි. නොසලකා සිතයි. අතිමානය කෙරෙයි. (පි. 45)